
2020 ජනවාරි මාසයෙන් ඇරඹෙන පළමු පාසල් වාරය තුළ ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩුවලින් 50%ක් පිරවීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
අනතුරුව ඉතිරි පුරප්පාඩු සියල්ල දෙවැනි පාසල් වාරය තුළ සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
දිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් 278ක වසර නවයක් තිස්සේ විදුහල්පති පුරප්පාඩු පවතී. බව මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඉදිරි මාස පහක් වැනි කෙටි කාලයක් තුළ මෙම වසර නවයක ප්‍රමාදය නිසා මතු ව ඇති ගැටළුව නිරාකරණය කර මෙරට ජාතික පාසල් පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ජාතික පාසල්වල විදුහල්ති තනතුරට පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියෙකු හෝ එම සේවයේ II හෝ III ශ්‍රේණියේ නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියේ නිලධාරියෙකු ය.
ජාතික පාසල් විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සම්මුඛ පරීක්ෂණය-(ශ්‍රී ලංකා විදුහල්පති සේවය 1 ශ්‍රේණිය) 2019.12.23 දින සිට 2019.12.28 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත් විය. මෙම ශ්‍රේණියේ විදුහල්පතිවරුන් පත් කිරීමට අදාල ඉදිරි කටයුතු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කර ඇත.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11/111 ශ්‍රේණියේ නිලධාරියෙක් විදුහල්පති තනතුර දැරිය යුතු විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් සඳහා සම්මුඛ පරීක්ෂණ 2020.01.09 දින හා 2020.01.13 දෙදින පැවැත්වුනි. 1 ශ්‍රේණියේ නිලධාරියෙක් විදුහල්පති තනතුර දැරිය යුතු විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති ජාතික පාසල් සඳහා සම්මුඛ පරීක්ෂණය 2020.01.24 සහ 26 වන දිනයන් හි පැවැත්වීමට නියමිතය.
The post ජාතික පාසල් විදුහල්පති පත්වීම් 50% දෙන්නම් appeared first on Lanka News Column.

0 Comments