දක්ෂතම ක්‍රීඩකයා විනෝද්: ක්‍රීඩිකාව විදූෂි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) මැදිගිරිය බිසෝපුර මහවැලි ක්‍රීඩාංගණයේදී නිමාවූ 31 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ජනාධිපති ශූරතාව දිනා ගැනීමට මහවැලි ‘එච්’ කලාපය සමත් විය.
පසුගිය වසරේ වලව පැවැති 30 ක්‍රීඩා උළෙලේ ජනාධිපති ශූරතාව දිනාගත් ‘එච්’ කලාපය මෙවර එම ශූරතාව රැක ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර ඔවුන් මේ ක්‍රීඩා උළෙලේ ජනාධිපති ශූරතාව දිනාගත් 9 වැනි අවස්ථාව මෙය විය.
ජයග්‍රාහී ‘එච්’ කලාපය රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනාගත් අතර රන් 9, රිදී 10ක් සහ ලෝඩක පදක්කම් 10ක් ලැබූ ‘සී’ කලාපයට අනුශූරතාව හිමිවිය. තෙවැනි ස්ථානය දිනා ගත්තේ වලව (රන් 6, රිදී 3යි. ලෝකඩ 3යි) කලාපයයි.
මහවැලි කලාප 10 නියෝජන කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4500ක් පමණ එක්වූ ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය තරග ඉසව් 41ක්, කණ්ඩායම් තරග 14ක් සහ කාන්තා සහ පිරිමි පාපැදි තරග 02 ක් ඇතුළු තරග ඉසව් 57 කින් සමන්විත විය.
මෙවර ක්‍රීඩා උළෙලේදී එක් නව මහවැලි තරග වාර්තාවක් බිහිවූ අතර එම වාර්තාවට හිමිකම් කීවේ තුම්පිම්ම ඉසව්වෙන් මී.11.69ක දක්ෂතාවක් දැක්වූ වලව කලාපයේ කේ.වී.විදුෂි සත්සරා සංදීපනීය.
ක්‍රීඩා උළෙලේ දක්ෂතම ජවන හා පිටිය ක්‍රීඩකයා ලෙස දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.77ක දක්ෂතාවක් දැක්වූ ජේ.ජී.විනෝද් සඳරුවන් සම්මාන ලැබු අතර වලව කලාපය නියෝජනය කරමින් තුම් පිම්ම ඉසව්වෙන් නව මහවැලි තරග වාර්තාවක් බිහිකළ කේ.වී.විදුෂි සත්සරා සංදීපනී දක්ෂතම ජවන හා පිටිය ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
මේ අතර මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක්‍රීඩාංගණය ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිවරයා අතිනි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් සහ සුගත් තිලකරත්න මහතා ඇතුළු හිටපු ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත සහ මැදිගිරිය සමූහ ඩබ්.ඒ.පියතිලක මැදිගිරිය බිසෝපුර

0 Comments