ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සංකල්පයක් මත ලේක්හවුස් ක්‍රීඩා සංගමය මගින් සංවිධාන කරන ලේක්හවුස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඩී.එෆ්.සී.සී. බැංකුව සහ හිල්ටන් හෝටලය යන ආයතන එක්ව සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් පවත්වන ක්‍රීඩා තරගමාලාවේ පිරිමි කැරම් තරග පසුගියදා ලේක්හවුස් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.
මේ තරගාවලිය කාණ්ඩ 3ක් යටතේ පැවැති අතර එහිදී ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ ද්විත්වය ජය ගැනීමට ලේක්හවුස් ක්‍රීඩකයෝ සමත් වූහ. මේ කණ්ඩායම් තරග දෙකේම අවසන් තරගවලදී ලේක්හවුස් පිල හමුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා කණ්ඩායම් පරාජයට පත්වූහ.
‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ලේක්හවුස් කණ්ඩායමට අයි.ඩී.බී.නයනසිරි, ජී.ජයරත්න, කේ.නෙරංජන්, ජී.බී.ජගත් සහ ජී.සී.පතිරත්න ඇතුළත් වූ අතර තිස්ස ධම්මික, එන්.පී.බටේපොල, මධුර ප්‍රභාත්, සම්පත් මනම්පේරි, ගන්දික ධර්මබන්දු සහ ජී.ජී.ආර්.ප්‍රනාන්දු ජයග්‍රාහී ‘බී’ කණ්ඩායමට ඇතුළත් වූහ.
මේ අවස්ථාවට ලේක්හවුස් සහභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සහ ලේක්හවුස් ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුභාෂ් කරුණාරත්න මහතා සහභාගිවිණි.
ඡායාරූප - චමින්ද නිරෝෂන සහ දුෂ්මන්ත මායාදුන්න

0 Comments