Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔබ්සර්වර් මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන උළෙල 20දා

ඔබ්සර්වර් - මොබිටෙල් 41 වැනි වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල මේ මස 20 වැනිදා හිල්ටන් හෝටලයේදි පැවැත්වෙයි.

මෙවර සම්මානලාභින් දැනටමත් තෝරාගෙන අවසන් වන අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුබපැතුම් මැද ඔවුන් එදිනට සම්මාන ලබනු ඇත.

පසුගිය වසරේදි ත්‍රිත්ව විදුහලේ හසිත බෝයගොඩ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ අතර ශ්‍රී ලංකා පිලේ හිටපු නායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් ප්‍රධාන තරග තීරකවරයා ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ල අතින් සම්මානය ලබාගත්තේය.

මේ වසරේදි සාන්ත අන්තෝනි විදුහලේ තීක්ෂණ ගුණසිංහ පාඨක ඡන්දයෙන් වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීමට නියමිතය. මෙවර පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් ද සම්මානයෙන් පිදුම් ලබනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();