
වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි මෙලෙස අත්අඩංගුවට ගනු ලබන්නේ .
මේ අතර එම විමර්ශනයේ උදෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වික්‍රමරත්න විසින් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණ විනිසුරුවරු සහ මහේස්ත්‍රාත්වරු සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට අදාළව නීතිපතිවරයා විසින් මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් මාලාවක් ලබාදී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කරන්නේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අධිකරණමය නීති කාර්යයක යම් අවස්ථාවක භාවිත කිරීමේ අරමුණින් ගොතන ලද සාක්ෂි නිර්මාණයට විමර්ශනයේ පළමු සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෙළි වී ඇතැයි නීතිපතිවරයා උපදෙස් දුන් බවයි.
මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකතන සංවාදවල නිරත වී ඇති විනිසුරුවරුන් වන පද්මිණී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන අයගේ දුරකතන ඇමතුම් පරික්ෂා කර රන්ජන් රාමනායක සමග පැවති සියලු සංවාදවල තාක්ෂණික සාක්ෂි අධිකරණ නියෝග මත අදාළ දුරකතන සේවා සපයන ආයතනවලින් ලබාගන්නා ලෙසද නීතිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය සඳහන් කළේ.
The post විනිසුරු ගිහාන් අත්අඩංගුවට ගන්න appeared first on Lanka News Column.

0 Comments