
තමාට විරුද්ධව නගා ඇති සියළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් පාර්ලිමෙන්තුවේදී සඳහන් කළේය.
එවැනි විමර්ශනයක් කරන්නේ නම් ඒ වෙනුවෙන් තමන්ගේ පුර්ණ සහයෝගය ලබාදෙන බවත් වගකීමෙන් ප්‍රකාශ කරන බවද හෙතෙම පැවසීය.
තම ජීවිත කාලය තුළ ත්‍රස්ත්‍ර ක්‍රියාවන් සඳහා ප්‍රකාශයක් හෝ සිදුකර නොමැති පුද්ගලයකු බවත් ත්‍රස්ත්‍රවාදයට සම්පුර්ණයෙන්ම විරැද්ධ බවද රවුෆ් හකීම් එහිදී පැවසීය.
විවිධ පුද්ගලයින් පාස්කු ප්‍රහාරය සම්බන්ධකරගනිමින් තමන්ට චෝදනා නගන බවත් ඒවා සියල්ල සත්‍යෙයන් තොර බවයි ඔහු කීය සිටියේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් සහ ජනාධිපති කොමිෂන් සභාවක් කටයුතු කරන බවත් මේ දක්වා අනාවරණය වු කරුණු අනුව තමා හෝ තමාගේ පක්ෂයේ ක්‍රියාකාරීම් මේ සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් එල්ලවී නොමැති බව තම විශ්වාසය බවද රවුෆ් හකීම් ප්‍රකාශ කළේය.
The post චෝදනා ඇත්නම් පරික්ෂා කරන්න appeared first on Lanka News Column.

0 Comments