ඉන්දීය වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් රැස් කළ තෙවැනි ඉන්දියානුවා බවට පත්වෙයි. කොදෙව් දූපත් හී කිංස්ටන් ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩැරන් බ්‍රාවෝ, ෂැම්රා බෘක්ස් හා රොස්ටන් චේස් යන පිතිකරුවන් පිට පිට දවා ගනිමින් ජස්ප්‍රිට් බුම්රා මේ දස්කම ප්‍රදර්ශනය කළේය.
මෙයට පෙර ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ඉන්දියානුවන්ගේ ලැයිස්තුවට හර්බජන් සිං සහ ඉර්ෆාන් පතන් එක්ව සිටි අතර පෙරේදා දිනයේ ජස්ප්‍රිට් බුම්රාගේ නාමයද එක්විය.
කොදෙව් පිල තරගයේ දෙවැනි දිනය නිමාවනවිට පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 87ක් රැස්කර සිටින අතර ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 416ක් රැස් කළේය. එහිදී හනුමා විහාරි සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 111ක් ලබාගත් අතර ඉෂාන් ෂර්මා සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය. විරාත් කෝලී ලකුණු 76ක් හා අග්‍රාවේල් ලකුණු 55ක් ලබා ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය. මේ තරගයේදී වසර 117ක් පැරණි වාර්තාවක් බිඳ දමමින් කොදෙව් පිලේ රකීම් කෝන්වේල් බරින් ලොව වැඩිම ටෙස්ට් ක්‍රීඩකයා බවට පත්විය.
26 හැවිරිදි කෝන්වේල් කිලෝග්‍රෑම් 140ක බරකින් යුක්තවන අතර මෙයට පෙර 1902දී ඔස්ට්‍රේලියාවේ හිටපු නායකයෙකුවන වෝර්වික් ආම්ස්ට්‍රෝන් කිලෝග්‍රූම් 139ක බරකින් යුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා විය.

0 Comments