ජපානයේ ෂොටෝකන් ආර්.යූ.යූ කෙන්ෂින්කායි ශ්‍රී ලංකා ශාඛාව විසින් කරාටේ ශ්‍රේණිගත කිරීමේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන උපදේශක එම්.සී.එම්. නසාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී ක්‍රිකට් 226 දෙනෙකු සහතික ලබාගත්හ. මෙහිදී සහිරා විද්‍යාලයේ එම්. ආර්. එම්. ෂුහයිල්, අමීර් අද්නාන් සහ ආකිබ් අහමඩ් තිදෙනාට කළු පටි ප්‍රධානය කළහ.
ශ්‍රී ලංකා කරාතේ සම්මේලනය ප්‍රධාන පුහුණුකරු සහ 2016 වර්ෂයේ ලෝක කරාතේ ශූර ෂිහාන් මහීඩි කරිමි, කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති රිස්වි මරික්කාර්, එක්සත් ජාතීන්ගේ සංගමයේ විධායක සභාපති ආචාර්ය එම්.එම්.එම්. රුෂානුදීන් සහ කොළඹ නගර මරණ පරික්ෂක අෂ්රොෆ් රූමි යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.
රුසෙයික් ෆාරුක්
ජායාරූපය රුසෙයික් ෆාරුක්

0 Comments