Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එයාලත් එක්ක අපිට බැහැ

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝග නඩු විභාගයේදී රිපබ්ලිකානුවන් සමඟ සාක්ෂි හුවමාරුව එක්සත් ජනපද ඩිමොක්‍රටික් සභිකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන නීති සම්පාදකයන් විසින් ඔහුගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගෙන් සාක්ෂි විමසීමට බලාපොරොත්තුවෙන් සිටියි.
එහෙත් එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමේ තීරණය ඩිමොක්‍රටික් සභිකයන් ප්‍රතික්ෂේප කළේය. නඩු විභාගය ලබන සතියේ අවසන් විය හැකි නමුත් සෙනට් මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් වෙත පැවතීම නිසා ඔහුව නෙරපා හැරීමට හැකියාවක් නැත.
බදාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ ට්‍රම්ප් මාධ්‍ය හමුවේ මෙම දෝෂාභියෝගය සමච්චලයට ලක්කරමින් පැවසුවේ, ඉදිරිපස පේළියේ හිදිමින් ඔවුන්ගේ දූෂිත මුහුණු දෙස බලා ඩිමොක්‍රටික් සභිකයන්ට මුහුණ දිය හැකි බවයි.
ට්‍රම්ප්ට එරෙහි මෙම දෝශාභියෝගයේදී බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ කොන්ග්‍රසයට බාධා කිරීම යන චෝදනා එල්ල වී තිබේ.

The post එයාලත් එක්ක අපිට බැහැ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();