Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විස්මිත දඬුවම් පහර 7කින් තරින්ද සී.ආර්.පිලට ජය ගෙනේ

Author(s): 
ෆවුස් මොහොමඩ්

ඉලක්කයට දඬුවම් පහර එල්ල කිරීමේ රුසියකු වන ෆ්ලයි හාෆ් ක්‍රීඩක තරින්ද රත්වත්ත දඬුවම් පහර 7ක් සාර්ථක කරමින් ද, උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් ද පෙන්නුම් කළ විස්මිත දස්කම් හේතුවෙන් අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 28-22ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

වැලිසර නාවික හමුදා පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-15කින් පෙරමුණ ගත් සී.ආර්. ක්‍රීඩකයෝ තරගය අවසන් කළේ ගෝලයක් සහ උත්සාහක දිනුම් 7කිනි. සී.ආර්.පිලට පිට පිට දෙවැනි ජයග්‍රහණයත් අත්කර දීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් තරින්ද සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කළ දඬුවම් පහර 7න් 4ක්ම එල්ල වූයේ පළමු භාගයේදිය. තරගය පුරා ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග අවසන් මොහොත එළැඹෙන විට ලකුණු පරතරය 25-22කින් අඩු කරගැනීමට නැවියන් සමත්වූවත් තරින්දගේ 7 වැනි දඬුවම් පහරින් සී.ආර්.පිලේ ජයග්‍රහණය තීන්දු විය.

ජය පෙනි පෙනී සී.එච්. පරදී

අවසන් මොහොත වනවිටත් ලකුණු 29-23කින් පෙරමුණ ගෙන මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය සැමරීමට බලාපොරොත්තුවෙන් පසුවූ ප්‍රබල සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට දෙවැනි පරාජයත් උරුම කරදුන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 30-29ක තියුණු ජයක් අත්කර කරගත්තේය.

අවසන් මො‍හොතේදි රහල් දෙල්පේචිත්‍ර තීරණාත්මක උත්සාහක දිනුමක් වාර්තා කළ රීසා මුබාරක් විසින් එය ගෝලයක් බවට පත් කරනු ලැබීය.

හැව්ලොක්ස් පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 16-13කින් පෙරමුණ ගැනීමට සමත්වූයේ සී.එච්. කණ්ඩායමය.

 

 

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();