Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නොවෙමු තවත් ගොදුරක්

ආඝාතය ඕනෑම අයකුට, ඕනෑම වේලාවකදී, ඕනෑම තැනකදී සිදුවිය හැකි රෝගී තත්ත්වයකි. ආඝාතය යනු මොළයට රුධිරය සපයන රුධිරවාහිනියක සිදුවන අවහිරතාවක් හෝ පිපිරීමක් නිසා මොළයට ඇති රුධිර සැපයුම අඩාලවීම නිසා ඇති වන අනතුරුදායක තත්ත්වයකි.

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද වැඩිහිටියන් බොහෝමයක් ආබාධිත තත්ත්වයට පත් කරන ප්‍රධානතම හේතුවක් ලෙස ආඝාතය හැඳින්විය හැකි අතර, එය ලොව සිදුවන මරණවලට හේතුවන දෙවැනි ප්‍රධානතම හේතුවද වේ. ආඝාත රෝගී තත්ත්වයට ගොදුරුවී දිවිගෙවන බොහෝ දෙනකුට කායික දුබලතා, සන්නිවේදන ගැටලු, ඔවුන් සිතන හා ඔවුනට දැනෙන ආකාරයේ වෙනස්වීම්, රැකියා අහිමිවීම්, ආදායම් හා සමාජ සබඳතා ආදියෙහි ගැටලුකාරී තත්ත්වයනට මුහුණපෑමට සිදුවේ.

අප සමාජයේ සිටින සෑම හතරදෙනකුගෙන් එක අයකුටම තම ජීවිත කාලය තුළදී ආඝාත රෝග තත්ත්වය වැළදිය හැකි අතර , එම තත්ත්වයෙන් 90%ක්ම, අධි රුධිර පීඩනය, වැරැදි ආහාර රටාව, දුම්බීම හා නිසි ව්‍යායාමවල නොයෙදීම ආදී ඉතා සුළු සංඛ්‍යාවක් වන අවදානම් සාධක මඟ හැරීම මගින් වළක්වා ගත හැකිවේ. ඔබට ආඝාත රෝගී තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය නම් ගත යුතු පළමු පියවර වන්නේ ඔබ තුළ ඇති අවදානම් සාධක හඳුනා ගැනීමයි. ආඝාත රෝගී තත්ත්වය වැළැක්වීමට ගන්නා සුළු පියවර කිහිපයක ප්‍රතිඵල ලෙස, රෝගය විශාල ලෙස අඩු කළ හැකි අතර, එම නිවාරණ පියවරයන් මගින් හදවත් රෝග, පිළිකා, දියවැඩියාව ආදී ලොව පුරා මරණ සහ ආබාධිත තත්ත්ව සඳහා සැලකිය යුතු ලෙස දායකවන අනෙකුත් රෝග තත්ත්වයන් ද අඩු කළ හැකිවේ.

ආඝාතයේ තවත් එක් ගොදුරක් නොවෙමු. හඳුනාගත් අවදානම් තත්ත්ව පාලනයට ඔබ අවධානය යොදා අධි රුධිර පීඩනය නිසි ලෙස පාලනය, දුම්බීමෙන් වැළකීම, සමබල සෞඛ්‍යමත් ආහාර ගැනීම හා නිසි ව්‍යායාමවල යෙදීම ආදිය කිරීමෙන් ඔබටත් ඔබේ ආදරණීයන්ටත් ආඝාත රෝග තත්ත්වයෙන් වැළකී සිටිය හැකිවේ. මේ මාරාන්තික රෝගී තත්ත්වය වැළකීමෙන් ඔබට, ඔබේ පවුලට, ඔබ සමාජයට පමණක් නොව ශ්‍රී ලාංකීය ආර්ථිකයට ද මහඟු ප්‍රතිලාභ අත්විඳිය හැකිවේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();