පෙබරවාරි 14 : කාශ්මීරයේ Awantipora, Pulwama ප්‍රදේශයේදී ඉන්දීය විශේෂ ප්‍රහාරක පොලිස් භට කණ්ඩායමක් Srinagar වෙත ගමන් ගත් රථ පෙලකට දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වේ.. ඉන් පොලිස් භටයන් 42ක් මිය ගිය අතර තවත් පිරිසක් බරපතල තුවාල ලැබීය.. එය දශක තුනක් තුල ඉන්දීය ආරක්ෂක අංශවලට එල්ල වූ දරුණුම ප්‍රහාරය ලෙස සැලකේ.. පකිස්ථානයේ ආධාර ලබන Jaish-e-Mohammed (JeM) නම් සංවිධානය මෙම ප්‍රහාරය සිදු කල බව ඉන්දීය හමුදාව චෝදනා කරනු ලැබීය..
පෙබරවාරි 15 : Pulwama ප්‍රහාරයට තද ප්‍රතිචාරයක් දැක් වූ ඉන්දීය අගමැති මෝඩි මෙම ප්‍රහාරය පසුපස සිටින්නේ පකිස්ථානය බවත්, ඊට දැඩි පලවිපාක අත්විදීමට සිදු වනු ඇති බවත් කියා පාකිස්ථානයට දැඩි අනතුරු ඇඟවීමක් කලේය.. ඊට අමතර පාකිස්ථානය සමඟ ඇති කර ගෙන තිබූ සියළු වෙළද සබඳතා අත්හිටුවා දේශසීමා පිවිසුම් වසා දැමීමටද ඉන්දියාව කටයුතු කලේය..
පෙබරවාරි 16 : අගමැති මෝඩිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක් වූ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් තමන්ගේ අපේක්ෂාව යුද්ධය නොවන බවත්, ප්‍රහාරයට පාකිස්ථාන රජයේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, එය අභියෝගාත්මක ඉන්දීය මහ මැතිවරණය ඉලක්ක කර ගෙන කල දේශපාලන ප්‍රයෝගයක් විය හැකි බවත් ප්‍රකාශ කල අතර.. යම් හෙයකින් ඉන්දියාව තම රටට පහර දුන්නොත් ඊට සමාන ඕනෑම ප්‍රතිචාරයක් දක්වන්න තමන් පසුබට නොවන බවත් අවධාරණය කලේය..
පෙබරවාරි 17 : පකිස්ථානු විරෝධී උද්ගෝෂණ ඉන්දියාව පුරා සිදු වෙමින් පැවති අතර බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ පාකිස්ථානයට දැඩි ප්‍රතිචාර දක්වන ලෙසයි.. මේ ආකාරයටම ඉන්දියානු විරෝධී උද්ගෝෂණ පාකිස්ථානය තුලද ඇති වෙමින් පැවතිනි..
පෙබරවාරි 26 : පසුගිය දින කිහිපය පුරා කාශ්මීරයේ දේශ සීමා ආසන්නයේ පැවති සුළු අවි ගැටුම්, උද්ගෝෂණ සහ දෙපිලේ වාග් ප්‍රහාර සියල්ල අභිබවමින් 1971න් පසු පාකිස්ථාන දේශ සීමා හරහා පළමු වරට ගොස් එල්ල කල ගුවන් ප්‍රහාරය ලෙස සනිටුහන් කරමින්, ඉන්දීය ගුවන් හමුදාවේ Mirage 2000 වර්ගයේ ප්‍රහාරක යානා 12ක් පාකිස්ථානු ගුවන් සීමාවට ඇතුළු වී ඔවුන්ට අනුව හදුනාගත් ‘ත්‍රස්ත ඉලක්ක’ ඉලක්ක කරමින් දරුණු ප්‍රහාරයක් එල්ල කරයි.. ඉලක්ක දේශ සීමාවේ සිට කිලෝමීටර් 80-40ත් අතර දුරින් වූ බව පැවසේ.. මේ අතර ඉන්දියාව යුද්ධයක් ආරම්භ කලොත් එය දරුණු අත්වැරදීමක් විය හැකි බවත්, පාකිස්ථානය නතර වන්නේ නවදිල්ලියේ පාකිස්ථානු ධජය ඔසවා බවත් නවාස් ෂරීෆ් පාර්ශවය නියෝජනය කරන පාකිස්ථාන විපක්ෂනායකවරයා පවසයි..
පෙබරවාරි 27 : තම ගුවන් සීමාව උල්ලංගණය කල ඉන්දීය ගුවන් හමුදාවේ MiG 21 ප්‍රහාරක යානා දෙකක් බිම හෙළු බවත්, ඉන්දීය ගුවන් ප්‍රහාරක නියමුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පාකිස්ථානය නිවේදනය කල අතර තමන් පාකිස්තානු ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක යානයක් බිම හෙළු බව ඉන්දීය හමුදාව නිවේදනය කලේය..
Wishwa Chinthana
0 Comments