Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘රට වෙනුවෙන් එකට සිටිමු’ 7වැනි ජාතික සංවර්ධන වැඩසටහන යාපනයේදී ඇරැඹේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවට අයත් සත්වැනි වැඩසටහන පසුගිය දා යාපනයේදී ආරම්භ විය.

අගෝස්තු 23 වැනි සිට 30 වැනි දා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ,යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 435 ක ජනතාවට සහන සැලසෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් මෙතෙක් නොවිසඳුනු ජනතා ගැටලුවලට විසඳුම් ලබාදෙන බව බව යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේදනායහන් මහතා කියයි.

ඒ අනුව, ඩෙල්ෆ්ට්, වේලනෙයි, කයිට්ස්, කරෙයිනගර්, යාපනය, නල්ලූර්, සන්ඩිලිප්පායි, ඡන්කානෙයි, උඩුවිල්, තෙල්ලිපලෙයි, කෝපායි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව, මරුදන්කේනි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙම ජාතික වැඩසටහන නිම වන විට ව්‍යාපෘති 4645ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් හාර ලක්ෂයකට ආසන්න ජනතාවකට සහන සැලසෙන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

වැඩසටහනේ සමාරම්භක දිනය වන අද දින තුළ පමණක් වැඩසටහන් 777 ක් ක්‍රියාත්මක කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකුගඩු නිවාරණ වැඩ සටහන, ග්‍රාම ශක්ති වැඩසටහන, ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන, සුරකිමු දරුවන් වැඩසටහන, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩටසහන, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ආදී වැඩසටහන්වලට අයත් වැඩසටහන් රැසක් මෙම දිනයන් තුළ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

ඊට අමතරව, දිස්ත්‍රික්කයේ ජනතාව කෙරෙහි සෘජුවම බලපාන කෘෂිකර්ම, නිවාස හා ඉඩම්, වෘත්තීය හා සෞඛ්‍ය ගැටලු විසඳීම හා එම ක්ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දියත් කිරීමට විෂය භාර රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා උතුරු පළාත් සභාව මඟින් කටයුතු යොදා ඇත.

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩටසටහන යාපනය දිස්ත්‍රික්කයේ හය ලක්ෂ පහළොස් දහසකට ආසන්න වන ජනතාවකට සහන සලසමින් පුරා දින 9ක් ක්‍රියාත්මක වන අතර, සමස්ත වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 30 වැනි දින පැවැත්වීමට නියමිතය.

අරුණ ඩයස්
ඡායාරූප - ප්‍රවෘත්ති ෙදපාර්තෙම්න්තුව

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();