Header Ads Widget

ලංකා බැංකුවේ මධ්‍යම සහකාර මහ කළමනාකාරිනිය මල්වතු මහා නාහිමියන් බැහැ දකී

ලංකා බැංකුවේ මධ්‍යම පළාත් සහකාර මහ කළමනාකාරිනිය ලෙස එච්.එම්. මනෝෂිකා ධනපාලි හේරත් මහත්මිය පසුගිය සිකුරාදා (23) වැඩ බාර ගත්තාය.

වැඩ බාර ගැනීමෙන් පසු ප්‍රථමයෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත් හේරත් මහත්මිය අනතුරුව සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තාය.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ හා මහනුවර උසස් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක වන ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධාරිනියකි. 1997 වසරේ ලංකා බැංකුවේ සේවයට එක් වූ හේරත් මහත්මිය බැංකු ශාඛා කිහිපයකම කළමනාකාරිනිය ලෙස මෙන්ම මහනුවර ප්‍රාදේශීය කළමනාකරු හා මධ්‍යම පළාතේ මෙහෙයුම් කළමනාකරු ලෙසද සේවය කර ඇත. ලංකා බැංකුව වෙනුවෙන් කීර්තිමත් සේවක් ඉටුකරන හේරත් මහත්මිය දක්ෂ පලපුරුදු බැංකු නිලධාරිනියකි.

එස්.කේ. සමරනායක

එස්.කේ. සමරනායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();