Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වරාය අධිකාරි වොලිබෝල් පිල ආසියාවේ 5 වැනි තැනට එයි

ආසියානු වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ආසියානු ක්‍රීඩා සමාජ පිරිමි වොලිබෝල් තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම සමත් විය.

රටවල් 16කගේ සහභාගිත්වයෙන් චීන තායිපේහිදී පැවැති තරගාවලියේ 5 වැනි ස්ථානය සඳහා වු තරගයෙන් සත්කාරක තායිපේහි ටයිචුන්ග් බැංකු කණ්ඩායම වට 3-2කින් පරාජය කිරීමට වරාය ක්‍රීඩකයෝ සමත් වූහ. එම තරගයේ පළමු වටය 25-16ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට වරාය ක්‍රීඩකයෝ සමත් වූ අතර දෙවැනි වටය තායිපේ කණ්ඩායම ලකුණු 20-25ක් ලෙස ජය ගත්තේය. තියුණු මුහුණුවරක් ගත් තෙවැනි වටයෙන් ශ්‍රී ලංකාවට ජය හිමිවූයේ ලකුණු 26-24ක් ලෙසිනි. එහෙත් සිවුවැනි වටය යළිත් ජය ගැනීම තායිපේ (19-25) සමත්වූ අතර තීරණාත්මක පස්වැනි වටයෙන් 15-9ක ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ 5 වැනි තැන හිමිකර ගැනීමට වරාය ක්‍රීඩකයෝ සමත් වූහ.

ආසියානු වොලිබෝල් තරගාවලියකදී ශ්‍රී ලංකාව හිමිකරගත් ඉහළම ජයග්‍රහණය ලෙසද මෙය වාර්තා වෙයි. පසුගිය වසරේ පැවැති මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ලංකා ලයන්ස් කණ්ඩායම 7 වැනි ස්ථානය ලබා තිබිණි. ජාතික වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම හේතුවෙන් වරාය අධිකාරි කණ්ඩායමට මේ තරගාවලිය සඳහා එක්වීමට අවස්ථාව උදාවිය.

දර්ශන කුමාරගේ නායකත්වයෙන් මේ තරගාවලියට එක්වූ වරාය අධිකාරි කණ්ඩායමේ ජනිත් සුරත් සහ ලසුඳු මෙත්මාල් වසන්තප්‍රියගේ දස්කම් තරගාවලිය පුරා කැපී පෙනුණි.

මේ තරගාවලියේ ශූරතාව ජපානයට හිමිවූ හිමිවූ අතර අනුශූරතාව ඉරානයටත්, තෙවැනි ස්ථානය කටාරයටත් හිමිවිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();