Header Ads Widget

බහරේනයේ සල්වා රන් 4ක් දිනයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දෝහා කටාර් හිදී නිමාවට පත්වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සහභාගීවූ ඉසව් හතරකින්ම රන් පදක්කම් 4ක් දිනා ගැනීමට බහරේනයේ සල්වා නසර් සමත් වෙයි. මේ හේතුව නිසාම මෙතෙක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියක වැඩිම රන් පදක්කම් ගණනක් දිනා ගැනීමට බහරේනය සමත් විය. මලල ක්‍රීඩාවේ දැවැන්තයන් ලෙස ආසියානු ආධිපත්‍ය ලබා සිටි චීනය, ජපානය හා ඉන්දියාව පසු කොට බහරේනය මෙවර ඉදිරියට පැමිණියේ සල්වා නසර්ගේ කැපී පෙණෙන දක්ෂතාව නිසා බව නොරහසකි.

සල්වා මීටර් 200 තත්පර 22.74කින් නිමාකොට රන් පදක්කම දිනා ගත්තේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි වාර්තාවක් ද බිහිකරමිනි. මීටර් 400 තත්පර 51.34කින් නිමකළ ඇය මීටර් 400 කාන්තා සහාය දිවීමේ තරගයට නව පණක් දෙමින් ජය වාර්තා කළාය. අවසන් මීටර් 400ට එක්වූ සල්වා යෂ්ඨිය අතට ගන්නා විට මීටර් 20ක් පමණ පසුපසින් සිටි අතර තරගය නිමා වෙද්දී මීටර් 10කින් පමණ ඉදිරියෙන් බහරේනයට ජය ගෙන දුන්නාය. ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව පසුකොට වාර්තා කළ ජයග්‍රහණය ඇයට කිසිදා අමතක නොවනු ඇත.

බහරේනයේ සල්වා නසර් පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කමක් දිනාගත් අතර 2017 ලන්ඩන් ලෝක ශූරතාවලියේදී මීටර් 400 ලෝකඩ පදක්කම දිනා ගත්තාය. ලෝක යොවුන් හා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල දෙකකදී රන් පදක්කම් දිනූ ඇයගේ එකම අපේක්ෂාව වී ඇත්තේ 2020 ඔලිම්පික් උළෙලේදී බහරේනයට පදක්කමක් දිනාදීමය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();