ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සමගාමිව පැවැත්වෙන කාන්තා විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සුපිරි පිතිකාරිනිය චමරි අතපත්තු එක්වී සිටී. අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන දිනවලදී කාන්තා තරගාවලියට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ශ්‍රී ලංකාවෙන් මේ තරගාවලියට ඇතුළත් වන්නේ චමරී අතපත්තු පමණි.
අයි.පී.එල්.තරගාවලියේ අසීමිත ජනප්‍රියත්වය මත ඊට කාන්තා තරගාවලියක් එක් කිරීමෙන් ලැබෙන මූල්‍යමය වාසි සැළකිල්ලට ගනිමින් පසුගිය වසරේදි අත්හදා බැලීමක් ලෙස තරගාවලිය අතරතුර කාන්තා ප්‍රදර්ශන තරගයක් පැවැත්වූ අතර මෙවර කණ්ඩායම් 3ක් අතර තරගාවලියක් පැවැත්වීමට තරග සංවිධායකයන් පියවර ගෙන තිබේ.
මෙම කාන්තා තරගාවලිය බිග්බෑෂ් වැනි විස්සයි20 ලීග් තරග මුහුණුවර යටතේ පැවැත්වෙන බවත්, ඉදිරි වසරවලදී කණ්ඩායම් ප්‍රමාණය වැඩි කිරීමට තරග සංවිධායකයන් පියවර ගනු ඇතැයිද ඉදිරි වසරවලදී තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් රැසකට මේ තරගාවලියට එක්වීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි ද මේ පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදී චමරි අතපත්තු ප්‍රකාශ කළාය.
පසුගිය වසරේ පැවැති ප්‍රදර්ශන තරගයට එංගලන්ත, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඇතුළත් වූ අතර මෙවර බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ලබාගැනීමට කටයුතු කර තිබේ.
ලබන මැයි මාසයේ 6 වැනිදා සිට 11 දක්වා පැවැත්වෙන අයි.පී.එල්.කාන්තා තරගාවලියට සුපර්නෝවා, වෙලෝසිටි සහ ට්‍රේල්බ්ලේසර්ස් කණ්ඩායම් තරග වදී.
ඉන්දීය කාන්තා පිලේ නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් සුපර්නෝවා පිලේ නායිකාව ලෙස කටයුතු කරන අතර හිටපු නායිකා මිතාලි රාජ් වෙලෝසිටි කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි. ට්‍රේල්බ්ලේසර් පිලේ නායිකාව ලෙස ඉන්දීය පිලේ ප්‍රහාරාත්මක පිතිකාරිනිය ස්මිත්‍රි මන්දානා කටයුතු කරයි.
මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් මෙසේය.
සුපර්නෝවා - හර්මන්ප්‍රීට් කෝවුර් (නායිකා), අනූජා පටිල්, අරුන්දතී රෙඩ්ඩි, චමරි අතපත්තු (ශ්‍රී ලංකාව) , ජෙමීමා රොඩ්‍රිගස්, ලියා ටහාහු (නවසීලන්තය), මන්සි ජෝෂි, නතාලි ෂිවර් (එංගලන්තය), පූනම් යාදෙව්, ප්‍රියා පුනියා, රාධා යාදෙව්, සොපියා ඩේවින් (නවසීලන්තය), ටානියා බාතියා. පුහුණුකරු - ඩබ්.වී.රාමන්
වෙලෝසිටි - මිතාලි රාජ් (නායිකා), අමේලි කර් (නවසීලන්තය), ඩැනියෙලා වේට් (එංගලන්තය), දේවිකා වෛද්‍යා, එක්ටා බිෂ්ට්, හේලි මැතිව්ස් (කොදෙව්), ජහනාරා අලාම් (බංග්ලාදේශය), කොමලා ෂන්සාඩ්, ශාෆලී වර්මා, ශෙයිකා පාන්ඩේ, සුෂ්මා වර්මා, සුෂ්රි ඩිබියදර්ශිනි, වේදා ක්‍රිෂ්ණමූර්ති. පුහුණුකරු - මම්ටා මේබන්
ට්‍රේල්බ්ලේසර් - ස්මිත්‍රි මන්දානා (නායිකා), භාර්ති ෆුල්මාලී, දයාලන් හේමලතා, දීප්ති ෂර්මා, හාර්ලින් ඩියෝල්, ජාසියා අක්තාර්, ජූලන් ගොස්වාමි, ආර්.කල්පනා, රාජේශ්වරී ගයික්වාඩ්, ශකිරා සෙල්මන් (කොදෙව්), සොෆී එක්ලැස්ටෝන් (එංගලන්තය), ස්ටෙෆානී ටේලර් (කොදෙව්), සුසී බේට්ස් (නවසීලන්තය). පුහුණුකරු - බිජූ ජෝර්ජ්.

0 Comments