මයිලෝ 12න් පහළ පාපන්දු
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් සංවිධාන කරන සමස්ත ලංකා අවුරුදු 12න් පහළ පාසල් පාපන්දු තරගාවලියේ උතුරු මැද පළාත් බාලක ශූරතාව දිනා ගැනීමට අනුරාධපුර සාන්ත ජෝශප් විදුහල සමත් වූ අතර පොලොන්නරුව බැඳිවැව මහා විදුහල බාලිකා ශූරතාව හිමිකර ගත්තේය.
බාලක තරගාවලියේ අනුශූරතාව බැඳිවැව මහ විදුහලත්, තෙවැනි ස්ථානය අනුරාධපුර විවේකානන්ද මහ විදුහලටත් හිමිවූ අතර බාලිකා අනුශූරතාව පොලොන්නරුව විලයාය මධ්‍ය විදුහලටත්, තෙවැනි ස්ථානය පොලොන්නරුව කඩවල වැව මහ විදුහලටත් හිමිවිය. මේ ජයග්‍රාහී කණ්ඩායම් දෙක ලබන මස 4 සහ 5 දෙදින මාතර පාපන්දු සම්මේලන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගත්හ.
මේ තරගාවලියේදී දක්වන හැකියාවන් සහ වටිනාකම් අනුව දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් පුහුණු කඳවුරට තෝරා ගනු ලැබේ. එහිදී ප්‍රවීණ පුහුණුකරුවන්ගේ අධීක්‍ෂණය යටතේ අතිදක්‍ෂ ක්‍රීඩකයන් 8 දෙනෙකු ශ්‍රී ලංකා මයිලෝ පාපන්දු කණ්ඩායම ලෙස තෝරා ගැනීමට නියමිතය.
0 Comments