Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
 
ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමටයි තීරණය කර තිබේ.
 
බටහිර ඉන්දිය කොදෙව් තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වනදා දිවයිනෙන් පිටත්වයෑමට නියමිතව තිබුණි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටීයි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ද මේ වනවිට නතරකර ඇති බැවින් කොදෙව් ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගැනීමට එයද බලපා ඇති බව වාර්තා විය.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();