ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවලට සහයෝගය ලබාදීම සඳහා ලෝක ආහාර වැඩසටහන (WFP) ඉදිරිපත් වෙයි.
ලෝක ආහාර වැඩසටහන (WFP) සිය නව්‍ය හා තිරසාර නව ව්‍යාපෘතිය වන R5 හරහා ශ්‍රී ලංකාවට සහාය දක්වනු ලබයි. වඩාත්ම අවදානමට ලක්විය හැකි ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ස්වාභාවික කම්පන නැවත ඇතිවීමට එරෙහිව ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම, ඵලදායී වත්කම් ප්‍රතිනිර්මාණය කිරීම තුළින් දේශගුණික අවදානම් සමනය කිරීම හා අවම කිරීම සහ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම හා විවිධාංගීකරණය කිරීම සහතික කිරීම සඳහා මෙය සැලසුම් කර ඇත.
R5 ව්‍යාපෘතිය, ප්‍රජාවන්ට සහ කුඩා පරිමාණ වසායකයන්ට බහුවිධ ධනාත්මක ප්‍රතිඵල ලබාදෙන සංගත හා සංසක්ත ආහාර පද්ධති ප්‍රවේශයක් ගන්නා අතරම කෙටිකාලීන කුසගින්න පාලනය කිරීම, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම,දේශගුණික වෙනස්කම් සඳහා උචිත (climate-smart) තිරසාර වත්කම් හා කුසලතා සඳහා මඟ පාදන බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහයෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අමාත්‍යංශය විසින් ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකාවට අදාළ උපායමාර්ගික සැලැස්ම (CSP) 2018-2022 හා සහයෝගීත්වයෙන් ප්‍රශස්ථ, පෝෂණ සුරක්ෂිත ප්‍රජාවන් ගොඩනංවන අතරම කුසගින්න තුරන් කිරීම සඳහා ස්ථිර දායකත්වයක් සපයයි. දේශීය/ජාතික හැකියාවන් ශක්තිමත් කරනු ලබන සහ වැඩසටහනෙහි තිරසාර බව සහතික කරන සමෝධානික, සාකල්ප හා නව්‍ය වැඩසටහන්කරණ ප්‍රවේශයක් හරහා CSP ක්‍රියාත්මක වේ.
R5 ව්‍යාපෘතිය CSP ක්‍රමෝපායික අරමුණු 4 ක් සපුරයි. ඒ යටතේ අවධානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සහ කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ ජීවනෝපායන් සහ කම්පන හා ආතතීන්ට ඔරොත්තු දීමේ හැකියාව වසර පුරාම ශක්තිමත් කරගෙන ඇත. CSPහි ක්‍රියාකාරකම 6 යටතේ R5 ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. සමෝධානික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ ක්‍රියාකාරකම් තුළින් පෝෂණ සංවේදී හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ජීවනෝපාය විවිධාංගීකරණය කිරීමට සහ ආදායම් උත්පාදනය කිරීමට සහාය වීම, නිරන්තර දේශගුණික කම්පන සඳහා වඩාත් ඵලදායී ලෙස සූදානම් වීම, ඔරොත්තු දීම සහ එයින් යළි යථා තත්ත්වයට පත්වීම සඳහා සහ එමඟින් කුසගින්න තුරන් කිරීමට දායක වීම , මෙරට වඩාත් අවදානමට ලක්විය හැකි ග්‍රාමීය නිවාස හා ප්‍රජාවන්ගේ හැකියාවන්, වත්කම් සහ පද්ධති ශක්තිමත් කිරීම ද දියත් කරනු ලබයි.
R5 ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වනුයේ ජලය එක්රැස් කිරීමේ පද්ධති ස්ථාපිත කිරීම, විවිධාංගීකරණය වූ ජීවනෝපායන් ප්‍රවර්ධනය කිරීම සහ වාණිජ නිෂ්පාදන සඳහා අවදානමට ලක්විය හැකි ගොවි ප්‍රජාවන්ගේ ධාරිතාවය ශක්තිමත් කිරීම මගින් කුඩා ඉඩම් හිමියන්ගේ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම යි.
CSP ක්‍රියාත්මක කිරීමේ අංගයක් ලෙස,කුඩා වැව්16ක් සහ වගා ළිං පුනරුත්ථාපනය කිරීම සඳහා සහ මොණරාගල , තණමල්විල, මාතලේ , වැලිගමුව, මඩකලපුව , වවුනතිව්, කිලිනොච්චි,තුනුකායි සහ මන්නාරමේ මුසලි යන ප්‍රදේශවල ගොවි පවුල් වෙනුවෙන් ජීවනෝපාය ආධාර සැපයීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ බ්‍රෙන්ඩා බාටන් මහත්මිය විසින් අගෝස්තු 21 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල සහ සියඹලාන්ඩුව යන ප්‍රදේශවල කුඩා ඉඩම් හිමි ගොවීන්ට ආධාර කිරීම සඳහා මෙම වැඩසටහනට ඇමරිකානු ඩොලර් 200,000ක තාක්ෂණික සහාය ද ලැබේ. මෙම නියමු මැදිහත්වීමේ ප්‍රධාන අරමුණ වනුයේ මෙම ක්ෂේත්‍රයේ නියුතු තරුණ තරුණියන් වෙනුවෙන් කෘෂිකාර්මික අංශයට යාන්ත්‍රිකකරණය, පසු අස්වනු තාක්ෂණය, කළමනාකරණය, නිෂ්පාදනය හා ඵලදායීතාව වැඩිදියුණු කිරීම, අගය එකතු කිරීම සහ අලෙවිකරණය හඳුන්වා දීම සහ කුසගින්න තුරන් කිරීම හා වැඩිදියුණු කළ පෝෂණය පිළිබඳ SDG ඉලක්ක 2 සහ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ SDG 13 ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට දායක වීම බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
චන්දිමා කරුණාරත්න
0 Comments