පොලිසියේ හා ආරක්ෂක අංශවල නිලධාරින්ට අමතරව සෑම ඡන්ද පොළකම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුංචි ඡන්දයට ඉදිරිපත් වී සිටින සෑම අපේක්ෂකයකුගෙන්ම නියෝජිතයින් දෙදෙනකු බැගින් පත්කරගෙන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කෙළේය.
මෙවර මැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල ලෙස වෙනමම ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුනොකරන බවද සභාපතිවරයා කීය. ඊට අමතරව නිල නොවන මැතිවරණ ප්‍රතිඵල ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය නොකිරීමටද තීරණයකොට තිබේ.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) පෙරවරුවේ කොළඹ නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, ඡන්දය පාවිච්චි කිරීමට ජාතික හැඳුනුම්පත් ෙනාමැති පිරිස් වෙත තාවකාලික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ජනවාරි මස 02දා සිට පෙබරවාරි 02 දක්වා ක්‍රියාත්මක කරන බවද කීය. පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු පෙබරවාරි මස 07 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වේ.
පුංචි ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ කළායින් පසු ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමට පෙර, ඒ ඒ ඡන්ද පොළ වෙත ලබාදී ඇති විශේෂ සලකුණක් ඊට එක් කැරේ. එය ඡන්ද පොළ ස්ථානභාර නිලධාරියාට පැහැදිලිව පෙන්වා ඡන්ද පෙට්ටියට තම පත්‍රිකාව දැමීමට ඡන්ද දායකයාට සිදුවන බවද මහින්ද දේශප්‍රිය මහතා කීය. මේ සලකුණු බොහෝවිට ග්‍රීක අකුරු හෝ ඉලක්කම්වලින් යුක්ත වනු ඇතැයි කී ඒ මහතා ඉන් මේ ඡන්ද පත්‍රිකාව ඒ ඡන්ද කොට්ඨාසයේම එකක් බවට සහතිකවීම සිදුවේ.
හැඳුනුම්පත් ලබාදීමේ කටයුතු වේගවත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සහායවීම සඳහා තාවකාලික අනියම් සේවකයින් බඳවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කොට ඇත. මෙවර පුංචි ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙන් සියයට 10 කට ජාතික හැඳුනුම්පත නැතැයි අනාවරණය වූ බවද සභාපතිවරයා කීය. නාමයෝජනා පත්‍ර සම්පූර්ණ කිරීමේදී ඔවුන් ඒ සඳහා වලංගු රියැදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය ප්‍රයෝජනයට ගෙන ඇත.
0 Comments