Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංචාරකයන්ගේ ආරක්ෂාව අතින් ශ්‍රී ලංකාවට ඉහළ තැනක්

ඇමැති සාගල රත්නායක

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අැමැති සාගල රත්නායක මහතා පැවසීය. අැමැතිවරයා ඒ බව කියා සිටියේ 2017 අය වැය යෝජනා අනුව සංචාරක පොලීසියට යතුරු පැදි සහ බීච් රෝවර් රථ ලබා දීම වෙනුවෙන් නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේ දී ඊයේ ( 26 ) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී සංචාරක පොලීසිය වෙත ට්‍රේල් වර්ගයේ යතුරු පැදි 18 ක්, සාමාන්‍ය යතුරු පැදි 2 ක් සහ බීච් රෝවර් රථ 4 ක් ලබා දුනි.එම රථවාහන පොලිස් රථවාහන කොට්ටාශයටත්, සීගිරිය, අරුගම්බේ, අනුරාධපුර, මීගමුව, මොරගල්ල, පොළාන්නරුව, පාසිකුඩා, නාරිගම සහ මහනුවර යන සංචාරක පොලිස් මුරපොලවලටත් බොදා දෙන ලදී. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අැමැති සාගල රත්නායක මහතා මෙසේද කීය. සංචාරක ව්‍යාපාරය ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්න පටන් අරන් තියෙනවා.

ඒ වගේම වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. සංචාරකයන් සංචාරය කරන්න රටක් තෝර ගද්දි ඒ රටේ තියෙන ආරක්ෂෘව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ අනුව තමයි සංචාරය කරන්නේ කියලා තීරණය කරන්නේ. සංචාරකයන්ට දෙන ආරක්ෂාව පිළිබඳ ඉහළ තක්සේරුවක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඒ ආරක්ෂාව අපි තවත් තහවුරු කරන්න ඕනෑ. විශේෂයෙම සංචාරකයින් මෙරටට එන ප්‍රමාණය වර්ධනය කරන්න විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවේ අපි තවත් මේ පිළිබඳ උනන්දුව දක්වලා තමයි සංචාරක පොලිස් කොට්ටාශය දියුණු කරන්න පටන් ගත්තේ. 2017 වර්ෂයේ අය වැයේ යෝජනාවකට අනුව අපිට රුපියල් මිලියන 50 ක් ලැබිලා තියෙනවා.

මේ කටයුතු වෙනුවෙන් සංචාරක අැමැතිතුමාටත්, සංචාරක මණ්ඩලයේ සභාපතිතුමාටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපි කියන්න කැමතියි සංචාරකයන්ගේ ආරක්ෂාව තවත් තහවුරු කරන්න අපි කටයුතු කරනවා. යැයි සාගල රත්නායක මහතා කීය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අැමැති ජෝන් අමරතුංග මහතා - පොලිසිය භාර ඇමතිතුමත්, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිතුමත් අපි සියලුම දෙනා මේ කාර්යයට එකතු වුණා. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයෙන් මිලියන 50 ක් දුන්නා මේ වෙනුවෙන්. ඒකත් මදි. මොකද අද වෙන කොට ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයේම සංචාරකයෝ ගමන් කරනවා.

මේ විදිහට සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම අපේ සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂ අවස්ථාවක් විදිහට මම සලකනවා. ඒ වගේම ලබන අවුරුද්දේ දි අපි තවත් මිලියන 50 ක් සංචාරක පොලීසියට ලබා දෙන්න කටයුතු කරනවා. මොකද මේ කාර්ය ඉතාම වැදගත් කාර්යයක් යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතතා පැවසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();