Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මම කුඩු ගහනව නම් ඒකෙන් මිදෙන්න අවශ්‍ය තැන්වලට යොමු කරන්න පවා සමහරු කතා කළා – දසුන් පතිරණ

දසුන් පතිරණ කියන රංගන ශිල්පියාට දැන් කවුරුත් ආදරය කරනවා. ඒ වගේම හැමෝම දන්නවා.
පසුගිය දවසක දසුන්ගේ පෙම්වතිය මුහුණුපොතේ දැම්ම සටහනක් ගැන හැමෝම වගේ කතාවුණා.
ඒ දාපු Post එක හුඟක් අය වැරදියට තේරුම් ගත්තා කියලයි දසුන් කියන්නේ. එහි සැබෑම අර්ථය දසුන් මේ විදිහට කියලා තිබුණා.

මොකක්ද දසුන් මේ සිදු වූ පටලැවිල්ල? 
මමයි මගේ පෙම්වතිය හංසි අතර FB එකේ හුවමාරු වූ post අරගෙන අන්තර්ජාල වබේ අඩවිවල මඩ ගහන අය කරපු වැඩක් තමයි මේ.

මොනවාද හුවමාරු වූ post ? 
මම හංසිගෙ FB එකට post එකක් දැම්මා මගේ ජීවිතේ තියෙන්නේ “Love, Sex, and drugs” කියලා.
එතෙනදී මම drugs කියලා හැඳින්වූයේ කලාවට. drugs වලට ඇබ්බැහි වූ අයට ඉන් මිදෙන්න බැහැ වගේ තමයි මමත් කලාවට ඇබ්බැහි වූ කෙනෙක්.
ඒකයි මම අදහස් කළේ. මගේ ව්‍යාංගාර්ථ අදහස් හංසි දන්න හින්දයි මම එහෙම දැම්මේ. අනික ඉතින් මටයි මගේ පෙම්වතියටයි FB එක හරහා ඕනෑම අදහසක් කියාගන්න පුළුවන්නේ.

ඊට පස්සේ? 
හංසි මට පිළිතුරු post එකක් දාලා තිබුණා.
ඒත් ඉංග්‍රීසි හරියට දන්නෙ නැති අය ඒක වටහාගෙන තියෙන්නේ. වැරදියට.
අනික ඉතින් gossip කාරයෝ බලාගෙන ඉන්නේ කාටද මඩ ගහන්නේ කියලනේ.
ඒ අය හංසිගේ post එක අරගෙන වැරදි අර්ථ කථනයක් දීලා අන්තර්ජාලයට එකතු කරලා.

ඒ පුවත නේද දසුන් ගැන වැරදි වැටහීමක් ඇති කළේ? 
ඔව්. ඒක දකින අය දන්නෙ නැහැනේ. හංසි මේ post එක එව්වේ මම දාපු post එකට උත්තරයක් විදියට කියලා.
ඒ පුවත අනුව කෙනෙකුට හිතෙන්නේ මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කෙනෙක් හින්දා මගේ පෙම්වතිය දුක දරාගන්න බැරුව මට දීපු අවවාදයක් කියලා.

හංසියි, දසුන්ගේ ගෙදර අයයි, යාළු මිත්‍රයොයි ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? 
මම අරක්කු තියා බියර් එකක් වත් බොන්නේ නැහැ කියලා මාව දන්න අය දන්නවා.
ඒත් මගේ රසික පිරිස දිගට හරහට කෝල් කරල අහනවා මම කුඩු ගහනවාද කියලා. කුඩු ගහනව නම් ඒකෙන් මිදෙන්න අවශ්‍ය තැන්වලට යොමු කරන්න පවා සමහරු කතා කළා.

දසුන් ඒවාට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? 
අන්තර්ජාලයේ සිදුවන දේවල්වලට ප්‍රතිචාර දක්වන්නත් වෙහෙසෙන එක තේරුමක් නැහැ.
මා වටා ඉන්න අය මගේ ළඟ ඉන්නවානේ මට ඒ ඇති.

දසුන් දැන් Music video වල රඟපාන්නේ නැහැ නේද?
අ‍පොයි නැහැ. ඉස්සර Music video හොඳට කෙරුණා. ඒත් දැන් එහෙම නැහැ. දැන් Music video නිර්මාණය අන්තයටම වැටිලා.
මෑතකදී දස්සාට (දසුන් නිශාන්ට) අපහාස වන විදියේ Music video එකකුත් කරලා තිබුණා. මම තීරණය කළා දැන් මේවාට පියවරක් ගන්න මම හෝ ඉදිරිපත් විය යුතු බව.

ඒ සඳහා දසුන් ගන්න පියවර මොකක්ද? 
වික්ටර් රත්නායකයන්ට අපහාස වන Music video එකක් කළාම වික්ටර් රත්නායක මහත්තයවත් එයාගේ පුතාලාවත් ඊට විරුද්ධව පියවරක් ගත්තේ නැහැ.
දැන් දස්සටත් ඒ දේම කරලා. ඒ නිර්මාණය කළ පුද්ගලයා කොහෙදි හරි මුණගැහුණොත් මම ඒකගේ කම්මුලට ගහනවා. ඊට පස්සෙවත් හැමෝගෙම ඇස් ඇරෙයි

දසුන්ගේ පෙම්වතිය මුහුණුපොතේ දැමූ සටහන පහතින්..

Screen-Shot-2017-11-09-at-2.06.42-PM-1



from Gossip Lanka News & Video http://ift.tt/2hUgt8i
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();