උතුරු පළාත් ආණ්ඩුකාර
උතුරේ සියලූම ද්‍රවිඩ දේශපාලන නායකයන්ගේ ආරක්ෂාවට සිටින්නේ සිංහල පොලිස් නිලධාරීන් බවත් මෙම ක්‍රියාව සහජීවනයට හොඳ මාවතක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
ආණ්ඩුකාරවරයා මේ බව පැවසූවේ ,යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ පිහිටි කරම්පන් ජැටියේ සිට එළුවතිව් හා අනලාතිව් දූපත්වල ජීවත්වන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඉටු කිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගයෙන් එළුවතිව් හා අනලාතිව් දූපත් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කරමිනි. හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර එච්. ජී. එම්. සී. පලිහක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම යාත්‍රාව ලබා දීමට කටයුතු සූදානම් කැර තිබූ අතර මේ සඳහා මිලියන 132ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වෙන් කරන ලදී.
වායු සමනය කරන ලද සියලූ පහසුකම්වලන් සපිරුනු මෙම මගී ප්‍රවාහන යාත්‍රාව එළුතාරකයි යන නමින් හඳුන්වා ඇත. වරකට මගීන් 40කට අධික ප්‍රමාණයක් මෙම යාත්‍රාව මඟින් ප්‍රවාහනය කළ හැකි අතර යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතාගේ මූල්‍යාධාර වෙන් කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවට මෙම පහසුකම උදාවිය.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාවරයා මෙසේද පැවසිය.
උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන්. . මෙම ක්‍රියාවම සහජීවනයට හොඳ මාවතක් .ද්‍රවිඩ දේශපාලන නායකයින් සිංහල පොලිස් නිලධාරීන් විශ්වාස කරන තරම් දමිළ පොලිස් නිලධාරීන් විශ්වාස නොකිරීම පිළිබඳව සොයා බැලිය යුතුයි. මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් ජේ.එම් සෝමසිරි , ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් , යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් , උතුරු පළාත් භාර නාවික හමුදා රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් හා එළුවතිව් හා අනලාතිව් දූපත්වාසීන් සියලූ දෙනාම සහභාගි වී සිටියහ.
0 Comments