ජාතිවාදී, ආගම්වාදී, කප්පම් කරුවන් ලෙස කටයුතු කරන යම් සුළු ජාතික දේශපාලනඥයින්ගේ සමාජ විරෝධී සහ නීතිවිරෝධී ඉල්ලීම් වලට සංහිඳියාවේ නාමයෙන් යටත් වීම නිසා ඔවුන් විසින් අත්පත් කරගන්නා ව්‍යාජ දේශපාලන බලය සමාජය මත මුදාහරිමින් සමස්ත ජාතියම මූලධර්මවාදී ආගමික අන්තවාදයේ ගොදුරක් බවට පත්ව ඇති බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසයි.
අද (27) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර සිටියේ මහජනයා සමග ගිවිසුමකට නොඑන කිසිදු නායකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහනය කිරීමට ඉඩ නොතබන බවත්, රටේ දේශපාලනය නිවරදි මාවතකට ගෙන ඒම සදහා ඉදිරිපත්වන්නන්ට දස පනතක් ගෙන එන බවත්ය.
දසපනත ලෙස ගෙන එන ප්‍රතිපත්ති රාමුව ඉදිරියේදී සංවර්ධනය කර රටට ඉදිරිපත් කළ පසු ඒසදහා එකග වන දේශපාලන නායකත්වයකට ඒමට රටේ ඉඩ කඩ සලසන බවත් කප්පම් දේශපාලනයතුල නායකත්වයට එන ගමන සම්පූර්ණයෙන් නතර කරන බවත් අභයතිස්ස හිමියෝ පවසා සිටියහ.
0 Comments