Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේක සිංහල වෛද්‍යවරයෙක් කළා නම් මාධ්‍යට මෙච්චර ප්‍රශ්න නෑ…මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න හමුවේ රාජිත නිරුත්තර වෙයි (Video)

සේවයෙන් අස් වූ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට යළි කුරුණෑගල රෝහලේ සේවයට එක්වීම සඳහා ඉඩ සලසන කැබිනට් පත්‍රිකාව අනුමැතියට යොමු කළේ තමන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළේය.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.

එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීට පෙර කිසිඳු පැමිණිල්ලක් ලැබී නොමැති බවද රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රපෙන්වා දුන්නේය.

අදාළ සිද්ධියට සිංහල වෛද්‍යවරයෙකු මුහුණ දුන්නේ නම් ජනමාධ්‍ය ද එතරම් උනන්දුවක් නොදක්වනු ඇති බව රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර වන්ද්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන වෛද්‍යවරුන් තිදෙනෙකු සහ වෛද්‍ය සභාවේ නියෝජිතයෙකුද එම මණ්ඩලයට පත් කර ඇති බවයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();