ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) සංවිධානයට සම්බන්ධ වී ඇති බවට වරදකරුවන් වූ ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට ඉරාකයේ අධිකරණයක් මරණ දඬුවම් ලබා දී තිබේ.
කෙවින් ගොනොට්, කෙවින් ලෝපේස් සහ සලීම් මචොව් යන පුද්ගලයන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා දින 30 කාලයක් ඇති බව AFP පුවත් සේවය පවසයි.
ඇමරිකාවේ සහය ලබන සටන්කරුවන් විසින් සිරියාවේ දී අල්ලා ගන්නා ලද ප්‍රංශ ජාතිකයන් දොළොස් දෙනා අතර සිටි ඉහත කී පුද්ගලයන් තිදෙනා නඩු විභාගය සඳහා ඉරාකය වෙත රැගෙන යනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේදීය.
අයිඑස් සාමාජිකයන් බවට සැක පිට මරණ දඬුවමට ලක් කෙරෙන පළමු ප්‍රංශ පුරවැසියන් තිදෙනා ඔවුන් වනු ඇත.
(බී.බී.ය ඇසුරෙනි)
0 Comments