Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගතවූ පැය 24 තුළ පුද්ගල මරණ 05ක්

ගත වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අඟුණකොළපැලැස්ස, හුංගම, නාරම්මල හා පොතුහැර යන ප්‍රදේශවල එම අනතුර සිදු ව ඇති බවයි.

අඟුණකොළපැලැස්ස කලවැල්ල හන්දිය ආසන්නයේදී ඊයේ සවස 02.00 ට පමණ යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, සූරියවැව හා අඟුණකොළපැලැස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

හුංගම, රන්න, නිදහස්ගම ප්‍රදේශයේදී ටිපර් රථයක යතුරුපැදියක ගැටීමෙන් ඊයේ පස්වරු 04.50 ට පමණ 34 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

නාරම්මල කුරුණෑගල මාර්ගයේ බෙම්මුල්ලගෙදර ප්‍රදේශයේදී යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් 55 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඊයේ රාත්‍රි 11.50 ට පමණ පොතුහැර, පරවැවිල ප්‍රදේශයේදී ටිපර් රථයක ලොරි රථයක් ගැටීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේ ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();