Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනවාරියේ දී සංචිතය ඩොලර් මිලියන 777 කින් පහළට

2019 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,141.65 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 දෙසැම්බර් 31 දින අවසානයේ දී පැවති සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,919.22 ට වඩා ඩොලර් මිලියන 777.57 ක පහළ යාමකි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ 2019 ජනවාරි මාසය අවසානය වන විට පවතින දළ නිල විදේශ සංචිත ප්‍රමාණය මාස 3.4 ක ආනයන ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් බවයි.

තවද 2019 ජනවාරි මාසයේ දී කල්පිරුණු එක්සත් ජනපද ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රී ලංකාව විසින් නියමිත පරිදි ආපසු ගෙවනු ලැබූ බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();