Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම ඇරඹෙයි

ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යෝත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13)  පෙරවරුවේ පැවැත්විණි.
 
මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තැන්පත් කෙරෙන පූජා වස්තු සහ මුල්ගල සියතට ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එය ඉටු කිරීම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට භාර කළේය.
 
ඒ අනුව බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ කටයුතු සුභ මොහොතින් ආරම්භ විය. බෙල්ලන්විල බෝධීන් වහන්සේ ශ්‍රි මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි අංකුරයකින් රෝපිත බව සඳහන්ය.
 
මෙම ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම යුද්ධය අවසන් කොට මේ රටට සාමය උදාකළ නායකයා අතින් ආරම්භ කිරීමට ලැබිම භාග්‍යයක් බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.
 
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ මෙම අවස්ථාවේ අනුශාසනාවක් පවත්වමින් අභියෝග හමුවේ නොසැලෙන නායකයකුවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කවුරුන් කුමක් කිව්වද රට වෙනුවෙන් කළ යුතු කාර්යය ඉදිරියටත් එලසින්ම ඉටු කිරීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව පැවසූහ.
 
අමාත්‍යවරුන්වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන විජේදාස රාජපක්ෂ, ජගත් කුමාර, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය රවි කරුණානායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහත්වරු හා ගුවන් හා නාවික හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්, බැතිමතුන් පිරිසක් මෙම පුණ්‍යෝත්සවය හා එක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();