Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොන් දුම්රියෙන් වියට්නාමයට

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවරට අද (26) ලගාවිය.

උතුරු කොරියානු නායකයා වියට්නාමයේ හැනෝයි නුවර බලා පැමිණ තිබුනේ වෙඩි නොවදින විශේෂ දුම්රියකිනි. එම දුම්රිය චීනය හරහා වියට්නාමයේ හැනෝයි නුවරට පැමිණ තිබුනි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින පැවැත්වෙන අතර උතුරු කොරියානු රාජ්‍ය න්‍යෂ්ඨික බල රහිත රාජ්‍යයක් කිරීම සදහා පැවැත්වෙන මෙම දෙවන සාකච්ඡාව සාර්ථක වනු ඇතැයි ඇමෙරිකානු බලධාරීන් බලාපොරොත්තු වනබවට විදෙස් මාධ්‍යවාර්තා සදහන් කරයි.

මූලාශ්‍ර


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();