Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වීසා නැතිව නයිජීරියානුවෝ 4ක් දෙහිවලදී අත්අඩංගුවට

දෙහිවල ගුවන්පාලම අසළදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මාර්ග බාධක යොදා දෙහිවල ගුවන් පාලම අසළ සැක කටයුතු වාහන පරීක්ෂණ කරමින් සිටියදී කොළඹ දෙස සිට පැමිණ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනෙකු 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදී මාස තුනක සංචාරක වීසා මත මෙරටට පැමිණි අයකු බවත්, තවත් පුද්ගලයෙකු 2018 වසරේ ජූනි මස මාස තුනක සංචාරක වීසා මත පැමිණි අයකු බවත් අනෙක් දෙදෙනා මෙම වසරේ ජනවාරි මස සංචාරක වීසා මත පැමිණි අය බවට අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි.

මොවුන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී නයිජීරියාවේ යුද්දයක් තිබෙන බැවින් මෙරටට සරණාගතභාවය ලබාගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් නැවත පැමිණෙමින් සිටින බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

The post වීසා නැතිව නයිජීරියානුවෝ 4ක් දෙහිවලදී අත්අඩංගුවට appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();