Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 3ක් තහනම් කළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 03 ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.

ජාතික තවුහිද් ජමාත්, ජාමතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සහ විල්ලායත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට අදාල මෙම ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල ප්‍රකාරවය.

මෙම සංවිධාන 03 ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට 2019 අංක එක දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අප්‍රේල් මස 27 වනදා පියවර ගනු ලැබුහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();