Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්ලිෆර්ඩ් කුසලාන ඩයලොග් රග්බි තරගාවලිය 2019

30 මාර්තු, 2019

කණ්ඩායම් අටක් ඉපැරණි ඓතිහාසික කුසලානයක් පසුපස හඹාගිය ක්ලිෆර්ඩ් කුසලාන ඩයලෝග් රග්බි තරගාවලිය පසුගිය දා නිමා වූයේ 38 වසරකට පසු හැව්ලොක් කණ්ඩායම ජයග්‍රහණය උරුම කර ගනිමිනි.

වසර 100කට වඩා ඉපැරණි ඉතිහාසයක් ඇති ක්ලිෆර්ඩ් කුසලාන ඉතිහාස කථාව ආරම්භ වන්නේ 1911දීය. මහා බ්‍රිතානයේ යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව පාලනය කළ ශ්‍රීමත් හියු රිචඩ් ආණ්ඩුකාරවරයාගේ බිරියගේ අදහසකට අනුවය. එවකට වැඩබලන ආණ්ඩුකාරවරයා වු ශ්‍රීමත් හියු රිචඩ් ආණ්ඩුකාරවරයා විසින් මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදී ඇත.

ශ්‍රීමත් හියු රිචඩ් ආණ්ඩුකාරවරයාගේ බිරිය වූ එලිසබෙත් ක්ලිෆර්ඩ් ආර්යාව ඇයගේ උපන්දිනය සැමැරීම වස් ප්‍රථම වරට කණ්ඩායම් දෙකක් අතර රග්බි තරගයක් සංවිධානය කර තිබේ. අගෝස්තු 26 වැනි දාට යෙදෙන ඇයගේ උපන්දිනය වෙනුවෙන් 1911දි පළමු වරට රග්බි තරගයක් සංවිධානය විය. නමුත් ඇයගේ උපන් දා නැතහෙත් උපන් දිනය දා මෙම තරගාවලිය පැවැත් විමට නොහැකි වි ඇත. 1911 සැප්තැම්බර් 02 වැනි දා ප්‍රථම ක්ලිෆර්ඩ් කුසලාන රග්බී තරගය පවත්වා ඇත. එම තරගාවලියට සහභාගී වි ඇත්තේ එක්සත් සේවා කණ්ඩායම හා සමස්ත ලංකා කණ්ඩායමයි. එම තරගාවලියෙන් සමස්ත ලංකා කණ්ඩායම පරදා එක්සත් සේවා කණ්ඩායම 25 – 0ක් ලෙස ජයගෙන ඇත. එක්සත් සේවා කන්ඩායම පොලිස් හා යුද්ධ හමුදා සාමාජිකයන්ගෙන් සමන් විත කණ්ඩායමක් වු අතර සමස්ත ලංකා කණ්ඩායම මෙරට සිටි විදේශිකයන්ගෙන් සමන් විත රාජ්‍ය සේවයේ නියතු පිරිසකගෙන් සමන්විත වී ඇත.

1911දි එළිසබෙත් ක්ලිෆර්ඩ් ආර්යාවගේ උපන්දින ත්‍යාගය වසර කිහිපයක් 1913 තෙක් පවත්වා ඇති අතර පසුව වසරක කිහිපයක් එය නොපවත්වා ඇත. කොළඹ හා කන්ද උඩරට තරගයක්ද මුල් වකවානුවේදී ක්ලිෆර්ඩ් කුලානය වෙනුවෙන් පවත්වා ඇත. වසර කිහිපයක ඇවැමේන් 1950 දි නැවත ආරම්භ වී ඇති ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලිය අද වන විට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් පවත්වන ප්‍රධාන පෙළේ තරගාවලියක් ලෙස පෙරමුණ ගෙන තිබේ.මේ වසරේදී ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය ඇතිව 8 වැනි වරටත් තරගාවලිය සංවිධානය විය. එහිදි කණ්ඩායම් අටක් මහනුවර ක්‍රීඩා සමාජය (KSC) / හැව්ලොක් ක්‍රීඩා සාමාජය (HSC) / කළම්බෝ හොකී හා පාපන්දු සමාජය (CH&FC) / සිලෝනිස් රග්බී හා පාපන්දු සමාජය (CR&FC) / පොලිස් ක්‍රිඩා සමාජය (Police) / යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය (ASC) / නාවික හමුදා ක්‍රිඩා සමාජය (NAVY) හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (AFSC) ක්ලිෆර්ඩ් කුසලානය වෙනුවෙන් පිටියට පිවිසියේය.

නමුත් මහනුවර කණ්ඩායම හා ගුවන් හමුදා ක්‍රිඩා සමාජය අතර පැවැති පළමු තරගයේදී මහනුවර කණ්ඩායම ශ්‍රී ලංකා රග්බි සම්මේනයෙන් කළ ඉල්ලිමක් ඉටු නොකිරීම නිසා මහනුවර කණ්ඩායම මෙවනර තරගාවලියෙන් ඉවත් විය. පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියෙන් වැඩිම වාර ගණනක් කුසලානය දිනූ කණ්ඩායම වනුයේ මහනුවර ක්‍රීඩා සමාජයයි. පසුගිය වසරේ කුසලානය දිනාගනිමින් ක්ලිෆර්ඩ් කුසලානය 21ක් වතාවක් අත්පත් කරගත් මහනුවර කණ්ඩායම ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමග පල්ලේකැලේ පිටියේ පැවැත්විමට නියමිත තරගය නිත්තවෙල පැවැත්විමට කළ ඉල්ලිම ශ්‍රි ලංකා රග්බි සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කිරිම එයට හේතු විය.

පල්ලේකැලේ පිටියේදී තරගය පැවැත්වීමෙන් ක්‍රීඩාලෝලින්ගේ සහභාගිත්වයේ සැලැකිය යතු අඩුවක් සිදුවනු ඇතැයි ද , නිත්තවෙල පිටියේදි තරගය පැවැත්වීමෙන් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඊට එක්රෝක් වනු ඇතැයි ද කියමින් මහනුවර ක්‍රීඩා සමාජය කර තිබූ ඉල්ලීමයි.

එයට ප්‍රතිචාර දැක්වූ රග්බි සම්මේලනයේ සභාපති ලසිත ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ තරග කාලසටහනේ කිසිදු වෙනස් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි. පල්ලේකැලේ හෝ නිත්තවෙල කියා වෙනසක් නෑ ක්‍රීඩාංගණ දෙකම පිහිටා ඇත්තේ මහනුවර නගරය කේන්ද්‍ර කරමිනුයි. අපි පළමු වතාවට මහනුවර නගරයේදී ක්ලිෆර්ඩ් කුසලාන රග්බී තරගයක් නොමිලේ නැරැඹීමේ පහසුවද ක්‍රිඩාලෝලීන්ට ලබා දී තිබෙනවා. පවසමින් තරගාවලිය පවත්වාගෙන ගියේය. කෙසේ හෝ අවසන සිදුවුයේ මහනුවර කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමයි.

මහනුවර ක්‍රීඩා සමාජය (KSC) තරගාවලියෙන් ඉවත් වීමත් සමග ගුවන් හමුදා කණ්ඩායමට නිතරග ජයක් හිමි වූ අතර ඹවුන් අවසන් පූර්ව වටයට ඒමට එය ඉවහල් විය.ඒ ලබාගත් ආරම්භය අවසන් මහා තරගය තෙක් රැගෙන ඒමට ගුවන් හමුදා කණ්ඩයම සමත් වුවත් අවසන් තරගය ජයගැනිමට ගුවන් හමුදා කණ්ඩායමට නොහැකි විය. අවසන් තරගය ගුවන් හමුදා කණ්ඩායම හා හැව්ලොක් ක්‍රීඩා සාමාජය (HSC) අතර පැවැති අතර පසුගිය මාර්තු 24 වැනිදා කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්විය. එම තරගයේදී හැව්ලොක් ක්‍රීඩා සාමාජ (HSC) කණ්ඩායම ලකුණු 40 – 21කින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජ (AFSC) කණ්ඩායම පරාජය කළේය.

අර්ධ අවසන් පූර්ව වටයේදී හමුවු කළම්බෝ හොකී හා පාපන්දු සමාජය (CH&FC) හා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය (ASC) අතර තරගයෙන් ලකුණු 32 – 22ක් ලෙස යුද්ධ හමුදා කණ්ඩායම ජයගැනිමට සමත් විය.

හැව්ලොක් ක්‍රීඩා සමාජය (HSC) කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබුවේ යුද්ධ හමුදා ක්‍රීඩා සමාජ (ASC) කණ්ඩායම පරාජය කරමින්ය. හැව්ලොක් හා යුද්ධ හමුදා කණ්ඩායම අතර තරගය මාර්තු 21 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර එම තරගයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම 60 – 29කින් යුද්ධ හමුදා කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.

අවසන් තරගය තෙක් පැමිණි ගමනේදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජ (AFSC) කණ්ඩායම මාර්තු 19 වැනි දා තුරඟ තරග පිටියේ පොලිස් ක්‍රිඩා සමාජ (Police) කණ්ඩායම සමග තරග වැදුණී. එම තරගයේදී පොලිස් කණ්ඩායම පරදා 32 -23කින් ජයගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

අවසානයේ හැව්ලොක් ක්‍රීඩා සමාජ (HSC) කණ්ඩායම හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (AFSC) අවසන් තරගයට කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී හමු වු අතර හැව්ලෝක් කණ්ඩායම 38 වසරකට පසු ක්ලිෆර්ඩ් කුසලාන ඩයලෝග් රග්බි තරගාවලියෙන් ජයගෙන ක්ලිෆර්ඩ් කුසලාන ඉදිරියේ තම නම සටහන් කරගැනීමට සමත් විය. මීට පෙර 13 වතාවක් ක්ලිෆර්ඩ් කුසලානය ජයගෙන ඇති හැව්ලොක් ක්‍රීඩා සාමාජය අවසන් වරට 1981 වසරේදී තරගාවලිය ජයගැනීමට සමත්ව ඇත. ගුවන් හමුදා ක්‍රීඩා සමාජ (AFSC) එක් වතාවක් තරගාවලිය ජයගෙන ක්ලිෆර්ඩ් කුසලාන ඉදිරියේ තම නම සටහන් කර ගෙන ඇති අතර ඒ 1986 දිය.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();