Ticker

6/recent/ticker-posts

Header Ads Widget

භික්ෂුව ජාතිය වෙනුවෙන් අතීතයේ සිටම සිදුකළ ඓතිහාසික කාර්ය භාර්ය මෙවරත් ඉටුකළා

Author(s): 
අනුර ප්‍රේමලාල්

මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමියෝ පවසති

මහා සංඝරත්නය සහ පැවිදි හඬ සංවිධානය දේශපාලනයක් සිදුකළේ නැතැයිද. රට , ජාතිය වෙනුවෙන් අතීතයේ සිටම භික්ෂුව සිදුකළ ඓතිහාසික කාර්ය භාර්ය පමණක් මෙවරත් ඉටුකළේ යැයි නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කරති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ජගත් ශ්‍රී ලාංකික ජනතාව මෙරට ජනාධිපතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කිරීම සඳහා මෙරටට පැමිණ යළි සිය රැකියා සඳහා විදෙස් ගතවීමට පෙර ආශිර්වාද කිරීම හා ස්තූතිය ප්‍රකාශ කිරීමේ උත්සවයට එක්වෙමින්ය. එය අභයාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී ඉකුත් (21) සිදුකෙරිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආනන්ද හිමියෝ මෙසේද කීහ. එදා 2015 දී මහින්ද මහතා පරාජය වෙලා මැදමුලන බලා ගියාම මේ රටේ ජනතාව දුක්වුණේ වෙන කිසි දෙයක් නිසා නොවේ මේ රටේ පැවැති වසර තිහක කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ නිසයි. ඉකුත් පාලන සමයේ සිදුවු දේවල් සම්මතවු අණපනත් එකිනෙක අරගෙන විමසා බැලුවාම එදා සිටම රජවරුන්ට අනුශාසනා කරමින් රටට අනතුරු දායක තත්ත්වයක් පැමිණියාම රජවරුන්ට සෙවණ ලබා දෙමින් අවශ්‍ය අනුශාසන කළ භික්ෂූ පරම්පරාවෙන් එන අපිට ඇහැ කන පියාගෙන සිටින්නට බැහැ.

ඒ නිසයි රට වෙනුවෙන් අපේ මේ කාර්ය භාර්ය ඉටු කළේ. මේක දේශපාලන කිරීමක් නොවේ. රටේ පැවැති යුද්ධය කොයි තරම් බරපතළ දෙයක්ද කියලා ඒ ගැන දැනුමක් ඇති අය දන්නවා. එවැනි යුද්ධයක් අවසන් කළ අයෙක් අපිට අමතක කළ හැකිද? ඒ නිසයි පැරදිලා ගෙදර ගිය මහින්ද මහත්තයාට එහි සිටින්න නොදි ජනතාව බස් අරගෙන ගිහිල්ලා නැවැත දේශපාලනයට එන්න ආරාධනා කළා. පස්සේ මම ඉදිරිපත් වෙලා මහින්ද මහත්තයාව කොළඹට ගෙන ආවා. පසුව පාඨලි චම්පික රණවක තවත් හාමුදුරුවෝ කෙනෙක් අල්ලාගෙන නඩුවක් දැම්මා අභයාරාමයට දේශපාලනය තහනම් කරන්න කියලා. තවමත් ඒ නඩුව යනවා. එදා වලගම්බා රජතුමා පලා යනවිට භික්ෂූන් වහන්සේලා තමයි පන්සලේ තියාගෙන රැකවරණය දීලා යළි රටබේරාගන්න උදව් උපකාර ලබාදුන්නේ. අපිට පුවත්පත් සාකච්ඡාවක් කරගන්න කෙනෙක් ගෙන්න ගන්න බැරිවුණා. දැන්නම් ඕන තරම් අය සිටිනවා. අපිටත් වඩා ඉදිරියෙන් සිට ක්‍රියා කරන අය ඉන්නවා. ඒකට කමක් නැහැ.

අද තමුන්නාන්සේලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ කැපවීම කළේ ඇයි පිටරට සිටින ඔබ දැක්කා මාතෘභූමියට තිබෙන අනතුර. ඒකයි ඔබලාට මේ ස්තූතිය අපි ඉටුකරන්නේ.

ජනතාවගෙන් වැඩි පිරිසක් 2015 රැවටුණු බව ඉන් පස්සේ සිදුවු දේවලින් කවුරුත් අවබෝධ කරගත්තා. එවිට මහින්ද මහතාගේ අව්‍යශ්‍යතාවය රටට දැනුනා. කුඩා ළමයාගේ සිට මහල්ලා දක්වා මේ ගැන දන්නවා. යුද්ධයෙන් පසු රටේ සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ කළා. ඒ ගැන ජනතාව අවධානයක් ගත්තේ නැහැ. මංගල තෙරුවන් ගැන කියන්නේ ඒ ගැන මංගල දන්නේ නැති නිසයි. එහෙත් අපි ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි සෑම දෙනාම එකමුතු වෙලා අපේ ශ්‍රී ලංකාව රැකගමු. ඊට සෑමදාම කැපවෙමු.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා-

.ඔබේත් අපෙත් මාතෘභූමිය විශාල අනතුරකට මුහුණ දුන් මේ අවස්ථාවේ විදෙස්වල සිට ඒ අනතුර අපිටත් වඩා දැකලා. රැකියා ඇතුළු සියලු කටයුතු නවතා දමා රට රැකගන්න පැමිණි ඔබලාගේ කාර්ය භාර්ය ඉතාම ප්‍රශංසනීයයි. එය ඉතාම අගය කළ යුතු කරුණක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතිවරු ලෙස අපි සියලු දෙනාට උපදෙස් ලබාදුන්නේ අරපිරි මැස්මෙන් කටයුතු කරන ලෙසයි. අනවශ්‍ය උත්සව ඇතුළු අනවශ්‍ය වියදම් කපා දමන ලෙසයි. ලබන අප්‍රේල් මාසය වනවිට අපිට මහා මැතිවරණයකට යන්න තිබෙනවා. ඒ නිසා සියලු කටයුතු ඉතා කළමානාකරණයකින් යුතුව කරන ලෙස පවසා තිබෙනවා.

ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය-

අපි රටට සිහිනයක් වූ අලුත් වරයාවල්, වරාය නගර හැදුවා, ගුවන්තොටුපොළවල්. අධිවේගි මාර්ග ඉදිකෙරුවා. රටේ පොළි අනුපාත අඩුවුණා. අපි කරපු එක වැඩක්වත් ඉකුත් වැඩබැරි ආණ්ඩුව ඉදිරියට ගෙනගියේ නැහැ. පළිගැනීම් පමණයි සිදුකළේ. විදේශ ගත මහා සංඝරත්නයටත් සහෝදර ජනතාවත් මෙහි පැමිණ රට වැටි තිබු අනතුරින් වළක්වා ගන්න සිදුකළ කැපවීමට අපේ ගෞරවය හා ස්තූතිය පළ කරන අතර මෙය අමරණීය කටයුත්තක් බව සිහිපත් කරනවා. අපිටත් වඩා ඔබ සියලු දෙනාම රට වෙනුවෙන් මේ කැපවීම කළා යැයි මට සිතෙනවා. මේ කෘතගුණ උත්සවය සංවිධානය කළ මුරුත්තෙට්ටුවේ නාහිමියන්ටද ස්තූතියි පළ කරනවා.

තායිවානයේ ප්‍රධාන සංඝනායක බෝධාගම චන්දිම නාහිමියෝ, අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක වවල්පොල ජිනානන්ද නාහිමියෝ, ලෝක බෞද්ධ සම්මේලනයේ උපලේකම් මාඉටියේ විමලසාර හිමිද මෙහිදී අදහස් දැක්වූහ.

ඉතාලියේ සිට පැමිණි ජගත් ගෝලීය සංවිධානය වෙනුවෙන් වසන්ත කීර්තිරත්න මහතා ස්තූති කතාව සිදුකළේය.

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();