ගයාන් කුමාර වීරසිංහ
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා අනතුරට ලක්කළ ඩිපෙන්ඩරය නීති විරෝධි ලෙස කොටස් එකළස් කර සකස් කර ඇති එකක් බවට තොරතුරු පොලිසියට ලැබී තිබේ.
ඒ අනුව ඒ ඩිපෙන්ඩරය පරීක්ෂා කිරීමට රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
වාහනයේ සඳහන් අංකයට අනුව එම ඩිපෙන්ඩරය හමුදාවේ වෙන්දේසියකින් ලබාගත්තක් බව ද එම නිලධාරියා සඳහන් කළේය. වෙන්දේසි කර ඇත්තේ භාවිතයට ගත නොහැකි තරමින් හානි වූ වාහනයක් බවට තොරතුරු ඇතැයිද එම නිලධාරියා කීය. එකලස් කරන ලද වාහනය වෙන්දේසියෙන් ලබාගත් වාහනයේ ලියාපදිංචි සහතික සහ අංකයෙන් ධාවනය කෙරෙන බව ලැබී ඇති තොරතුරුවල සඳහන් වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments