මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ නිර්මාණයක් වන යශෝදරා චිත්‍රපටයේ ඩී.වී.ඩී. තැටි නීති විරෝධි ලෙස පිටපත් කර අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් රාගම පොලිසිය ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම පොලිස් වසමට අයත් වැලිපිල්ලෑව ප්‍රදේශයේ පිහිටි වීඩියෝ තැටි අලෙවි ස්ථානයක් කේන්ද්‍රකර ගනිමින් එම ජාවාරම ක්‍රියාත්මකව ඇත.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව එම වීඩියෝ තැටි අලෙසල් හිමිකරු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. එහි තිබී යශෝධරා චිත්‍රපටයේ වීඩියෝ තැටි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුට එරෙහිව බුද්ධිමය දේපළ පනතින් නීතිය ක්‍රියාත්මක කරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments