කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්. රණසිංහ
කොහු අපනයනය කිරීමෙහිලා දිවයිනේ ප්‍රකට සමාගමකට අයත් කුලියාපිටිය - කරගහගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලා සංකීර්ණයක, අපනයන කොහු අට්ටි ගබඩා කොට තිබූ දැවැන්ත ශාලාවක් ඊයේ (27) උදේ හටගත් ගින්නක් පැතිරයාමෙන් එම ගබඩඩාව මුළුමනින්ම විනාශ වී ඇති බැව් කුලියාපිටිය පොලිසිය පවසයි.
මේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නැත. ගින්න හටගෙන පැතිරයද්දී ගබඩාවේ සේවයේ යෙදී සිටි සේවකයන් 10 – 12 දෙනෙකු පමණ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රජයේ රෝහලට ඇතුළත් කර ඇත.
දැවැන්ත ශාලාවේ ගබඩා කිරීමට අපනයන කොහු අට්ටි පටවාගෙන ආ ලොරි රථ දෙකක් ද ගින්න පැතිරීම නිසා එළියට ගත නොහැකිව ගබඩාව තුළදී ගින්නෙන් විනාශ වී ඇති බවද පොලිසිය පවසයි.
0 Comments