Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වගකීම් සහ යුතුකම් ඉටුකර තිබෙනවා

Author(s): 
මහින්ද අලුත්ගෙදර

වත්මන් ආණ්ඩු පාලන කාලය සහ තමා සම්බන්ධයෙන් කුමන විවේචන එල්ල කළද තමාගෙන් ඉටුවියයුතු වගකීම් සහ යුතුකම් කොටස හැකි උපරිමයෙන් ඉටුකර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. තම ධූර කාලයේ දී රට සහ ජනතාව වෙනුවෙන් සිය යුතුකම සහ වගකීම නිවැරැදිව ඉටුකර තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඒ සම්බන්ධයෙන් නොබියව කතා කළහැකි බව ද සදහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කෙළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික විගණන කාර්යාලයේ දී ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උළෙල අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ වංචාව, දූෂණය සහ සොරකම අවම කරමින් මහජන මුදල් රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීම අවශ්‍ය වී තිබෙන බවත් පසුගිය රජය සමයේ සිදුව තිබෙන වංචා සහ දූෂණ සෙවීම සහ මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කළා සේම වත්මන් ආණ්ඩුවේ වැරැදි, දූෂණ සෙවීම සඳහා මීට සති තුනකට පෙර කොමිසන් සභාවක් පත්කිරීමට පියවර ගත් බවත්ය. මීට පෙර මේ රට පාලනය කළ කිසිඳු නායකයෙකු මෙලෙස තමන්ගේ ආණ්ඩුවේ වංචා, දූෂණ සෙවීම සඳහා ජනාධිපති කොමසමක් පත්කර නැතැයි පෙන්වාදුන් ඒ මහතා රටේ මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අපේ හෘද සාක්ෂියට අනුව කොතෙක් දුරට අවංකද කියා ඇසිය යුතුයි සේම ඒ සෑම අයෙක්ම කණ්නාඩියක් ඉදිරියට ගොස් තමා හරිද කියා තමන්ගෙන්ම ඇසියි යුතු බවද පැවැසීය. වාර්ෂික අයවැය පරතරය පියවා ගැනීම සඳහා විදෙස් ණය, දේශීය ණය මෙන්ම රාජ්‍ය බැංකුවල මුදල් සූරා ගන්න අවශ්‍ය නැතැයි පෙන්වාදුන් ජනාධිපතිවරයා නමුත් ආණ්ඩුවට එන මහා ආදායමක් විනාශ කරන දෙපාර්තමේන්තු, සංස්ථා, ආයතන කිහිපයක් අද රජයට පාලනය කළ නොහැකි තත්ත්වයක තිබෙන බවද එම ආයතන වෘත්තීය සමිතිවල බලය පෙන්වන බවද සදහන් කෙළේය. රට ගොඩනැඟීමට නොව පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව ඔවුන් කටයුතු කරන බවද අප සෑම අයෙක්ම මේ තිබෙන අභියෝගය තේරුම් ගතයුතු බවද පෙන්වා දුන්නේය.

කතානායක කරූ ජයසූරිය, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, විගණකාධිපති ගාමිණී විජේසිංහ, ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති කේ.එම්.එම් කුමාරසිංහ, ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ ලේකම් ඒ.එල් විමලරත්න සහ ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමයේ ලේකම් ක්‍රිෂාන්ත තිසේරා මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();