පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටු වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුගේ නමක් සඳහන් වී නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ කාත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඊයේ (27)දැනුම් දුන්නේය.
එම කමිටු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කෙළේය.
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මැති ඇමතිවරුන් කොකෝන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා කර තිබූ ප්‍රකාශය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමු කෙරිණි.
වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට තමන්ට අයිතියක් නැති බවද අවශ්‍ය නම් රහස් පොලිස් වාර්තා පදනම් කරගනිමින් රජයක් ලෙස අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි බවද අගමැතිවරයා පෙන්වා දී තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් ජනතා සේවය කිරීමේදී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේදී දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කර තිබේ.
කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාමනායක මහතා ඊයේ දීර්ඝ වශයෙන් කාත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ කරුණු පහැදිලි කර තිබේ.
කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළ කරුණු මාධ්‍ය ඒ ආකාරයෙන්ම වාර්තා නොකළ බවද රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම් දී ඇති අතර කුඩුකාරයින් කවුදැයි තමා තමා රහස් පොලිසියට ගිය විට ඔප්පු කරන බවද රාමනායක මහතා සඳහන් කර තිබේ.
තමා මේ කරුණු ඉදිරිපත් කළෙ රටට යහපතක් කිරිමට බවත් පාසැල් දරුවන් මේ වසංගතයට හසු වී ඇති බවත් පෙන්වා දී ඇති රාමානායක මහතා තමා හිටපු මන්ත්‍රීවරුන් ගැන කළ සඳහන වාර්තා කිරීමේදී හිටපු වචනය නැතිව මාධ්‍ය වාර්තා කළ බවද සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පත් කෙරුණු විමර්ශන කමිටුවට ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ,පක්ෂයේ නීති ලේකම් නිශ්ශංඛ නානායක්කාර මහත්වරුන් ඇතුළත් වූහ.
0 Comments