Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊ.ටී.අයි. වත්කම් විකිණීමේදී කිසිම වංචාවක් සිදු වී නෑ

Author(s): 
ජයසිරි මුණසිංහ

මහත් ආන්දෝලනයකට ලක්ව ඇති එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වේස්මන්ට් (ඊ.ටී.අයි) ආයතනයේ මුල්‍ය වත්කම් අලෙවි කිරීම් පිළිබඳ ගනුදෙනුවේ කිසිදු නීත්‍යානුකූල නොවන ගනුදෙනුවක් සිදු වී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා ප්‍රකාශ කෙළේය.

ජාතික ආර්ථික සභාව විසින් ඊයේ (27) දහවල් කොළඹ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට එක් වූ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කරුණාරත්න මහතා, මෙවන් අවස්ථාවක් ලැබී ජනතාවට සැබෑ කරුණු කීමට හැකිවීම යහපත් දෙයක් බවද මෙහිදී කියා සිටියේය.

උග්‍ර ද්‍රවශීලතා ප්‍රශ්නයක් මත බිඳ වැටීමකට ලක්වූ ඊ. ටී.අයි. ආයතනය ඉන් බේරා ගෙන ගනුදෙනුකරුවන්ට වැඩි ආරක්ෂාවක් හා ඔවුන්ගේ තැන්පතුවලට ඉහළ ආපසු ගෙවීමක් සිදු කිරීමට මහ බැංකුව මුල පටන් කටයුතු කළබව කී නියෝජ්‍ය අධිපතිවරයා, ඒ අරමුණින් නව ආයෝජකයකු සොයා ගැනීමට ඊ.ටී.අයි. පාලකයන්ට අවකාශ සැලැසූ බවද කරුණාරත්න මහතා කීය.

ඊ.ටී.අයි. ආයතනයේ වත්කම්වලට වැඩි මුදලක් ලබාදීමට, ඔවුන් සමඟ එකඟවූ ආයෝජකයා තෝරා ගැනීම, එම මුදල් මහ බැංකුවට ලබාදීම ඉතා විනිවිදභාවයෙන් යුතුව කළයුතු විය. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක මුදලක් බ්ලූ සමීට් කැපිටල් ෆයිනෑන්ස් සමාගම විසින් ඊ.ටී.අයි. ආයතනයට ගෙවීමට මුලින් එකඟ වී තිබේ. එම මුදලින් ඩොලර් මිලියන 54ක් දැනටමත් ලබාදී ඇත. තවත් ඩොලර් මිලියන 16ක් අද හෙටම මේ ආයතනයට ලැබෙනු ඇත. මේ අනුව ඩොලර් මිලියන 70ක මුදලක් ලැබීම මත ඊ. ටී.අයි. ගනුදෙනුකරුවන්ගෙන් සියයට 30කට තම තැන්පතු මුදල් ආපසු ලබාදීමට හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය අධිපතිවරයා පැහැදිලි කෙළේය.

නමුත් ඊ.ටී.අයි. ආයතනය සතුව පැවැති ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විසස් සමාගමේ වත්කම් මුල් ගනුදෙනුවේ එකඟතාවයෙන් ඉවත් කොට ඩොලර් මිලියන 05ක් අඩුවෙන් ලබාදීමට බ්ලූ සමිට් කැපිටල් ෆයිනෑන්ස් සමාගම පියවර ගෙන ඇත.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු බැඳීමක් නොමැ. ඊට හේතුව මේ ආයෝජකයා තෝරා ගැනීමේ කැමැත්ත ඊ.ටී.අයි බලධාරීන් සතු වීමය. මේ අ ය තෝරාගත් ආයෝජකයා රටට ගෙන ආ ආ‍යෝජන මුදල නීත්‍යානුකූලව රටට ආ විදේශ මුදලක් වේ. ඒ බවට මේ මුදල් ගනුදෙනුව සිදු කළ බැංකු පද්ධතිය පිළිගෙන ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();