ඔබේ නම කියමු?
ගීත්මා ශෂිනි බණ්ඩාර.
මේ දිනවල ඔබව බොහෝ දෙනෙකු හඳුන්වන්නේ . . .?
අසේනි කියලා.
හේතුව?
සංගීතේ ටෙලි සිතුවමේ මං රඟපාන්නේ ඒ නමින් තිිබෙන චරිතය. ඒ හින්දා මට අසේනි කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ.
මේ ඔබේ තුන් වැනි ටෙලි නාට්‍යයි?
ඔව්.
ඒකේ විශේෂයක් තියෙනවා?
තුන් වැනි ටෙලි නාට්‍යය වුණාට ප්‍රධාන චරිතයක් මවපු පළමු ටෙලි නාට්‍යය ඒක නිසා මට විශේෂයි.
සංගීතේ නාට්‍යයට ඔබට ආරාධනා ලැබෙන්නේ?
ප්‍රභාත් චතුරංග අයියා නිසා. මට සංගීතේ අධ්‍යක්ෂවරයාව මුණ ගැහෙනවා. දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ අනු දැනුමත් මත තමයි මට අසේනිගේ චරිතය ලැබෙන්නේ.
අසේනි කියන්නේ?
බොහොම අහිංසක යුවතියක්. එක අතකින් ඇය යම් පීඩාවකටත් පත්වෙලා සිටිනවා.
ඔබගේ ගතිගුණ අසේනිට තියෙනවාද?
ඔව්, තියෙනවා. මමත් ඇය වගේම හරිම අහිංසකයි. බොහොම හොඳයි. හැබැයි ටිකක් නපුරුයි.
බොහොම කෙටි කාලයයි නේද ක්ෂේත්‍රයට ඇවිත්?
පුංචිම පුංචි කාලයක් තමයි ගත වුණේ.
මේ කාලය තුළදී ඔබට කොහොමද ක්ෂේත්‍රය ගැන දනුණේ?
මං මහ ලොකු බලාපොරොත්තු ඇතුව නෙවෙයි ක්ෂේත්‍රයට ආවේ. නමුත් දැන් හිතෙන්නේ වෙනස් දෙයක්. බොහොම ඉවසීමෙන් යා යුතු ගමනක් තමයි මේක. බාධක ගොඩක් ඒවි. ඒත් නොබියව මං ඒවාට මුහුණ දෙනවා.
ගීත්මා තවම පුංචි කෙල්ලෙක්?
ඔව්, මට තවම වයස අවුරුදු විසි එකයි. අනූ අටේ ජනවාරි දහ තුන තමයි මගේ උපන් දිනය.
ඔබේ ගම කොහෙද?
හොරණ.
ඉගෙන ගත්තු පාසලත් මතක් කළොත්?
හොරණ ශ්‍රීපාලිය.
ඉදිරියේදී රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?
ආසම ආස චරිතයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒක බොහොම හොඳින් නිරූපණය කරනවා. එකිනෙකට වෙනස් චරිත තමයි රඟපාන්න ආස.
ඔබ ක්ෂේත්‍රයට පිවිසුණේ තරග අවස්ථාවකින්. ඒ ගැනත් මතක් කරමු?
හිරු අවුරුදු කුමරිය තරගයට මං ඉදිරිපත් වුණා. එයින් තමයි මාව ගොඩක් දෙනෙක් හඳුන ගත්තේ.
ගීත්මා මීට ප්‍රථම රඟපෑ නිර්මාණ ගැන කතා කළොත්?
අහස් මාලිගා සහ නීල පබළු. මං ඒවාට දායක වෙලා තමයි රංගන අත්දැකීම් ලබා ගත්තේ.
මොනවද ඉදිරි බලාපොරොත්තු?
හොඳ නිළියක් හැටියට ඉදිරියට යාම තමයි එකම බලාපොරොත්තුව.
0 Comments