අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ රූකඩයක් වී ඇති බව බව සරත් වීරසේකර මහතා පැවසීය.
එළිය සංවිධානයේ අද(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මෙන්ම යුද හමුදාවද යුද අපරාධ කළ බවට පසුගිය දිනක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යාපනය දී ප්‍රකාශයක් කළ බව සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.
වසර 10 පසු රාජ්‍ය නායකයෙකු විසින් හමුදාව යුධ අපරාධ කළ බව පිළිගැනීම ඉතා වැදගත් කරුණක් බව එම ප්‍රකාශ උපුටා දක්වමින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේ සැසිවාර ආරම්භ වී ඇති මෙවන් කාල වකවානුවක අග්‍රාමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවට බරපතළ පාඩුවක් බව සරත් වීරසේකර මහතා වැඩිදුරටක් පැවසීය.
0 Comments