සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම ඇතුළත් වන ලෙසින් ආණ්ඩු ක්‍රම සම්පාදන මණ්ඩලයක් පත් කර ඒ ඒ කමිටු පවා පත් කර ඇතත් මේ දක්වා නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම්පතක් හෝ මේ දක්වා සකස් කර ගන්න බැරිව ගිහින් තිබියදී අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කල්ලිය රට කෑළි නවයකට බෙදන්න යනවා යයි බොරු කියමින් යන්නේ ඔවුන් තුළ ඇති බලයට කෑදරකම පෙන්වමින්.සෑම අසාර්ථක දේශපාලකයෙකුම සිය ආධිපත්‍ය රැක ගන්න මෙවන් ජාතිවාදය යොදාගන්නේයැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ හලාවත පුත්තලම පාරේ පිහිටි ක්‍රවුන් උත්සව ශාලාවේ පැවැති ජාතික විද්වත් සංවිධානයේ පුත්තලම දිසා සමුළුව අමතමිනි.
මෙහිදි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය .
මේ දිනවල අපේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් දෙන්නේ නව ව්‍යවස්ථාවක් එනවා. රට කැළි නවයකට කැඩෙනවා. පොලිසි නවයක් ඇති වෙනවා .රට පෙඩරල් කරනවායි කියන්නයි. ඒ නිසා අපි ඒ ගැන කරුණු පැහැදිලි කරදීම යුතුකමක්. මේ රටේ ජීවත්වන සියලු ජන කොටස්වලට සමාජ අයිතිවාසිකම් හා ඔවුන්ගේ අවශ්‍යතාවන් සමානව ඉටු කර ගන්න නීතියක් පැවැතිය යුතු ස්ථාවරයක අප සිටිනවා .අපේ ඒ සඳහා වන ප්‍රතිපත්තිය පැවැති සෑම මැතිවරණයකදීම අප විසින් ජනතාව වෙත ඉදිරිපත් කර ඇත.
2016 ජනවාරි 9 වන දින ද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවට යෝජනාවක් ආවා . එවන් නව ව්‍යවස්ථාවක් සකස් කර ගන්නේ කොහොම ද. එසේ සකස් කර ගන්නා නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නේ කොහොමදැයි පුළුල් වශයෙන් සංවාදයකට ලක් වුවා .මේ නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ දි වත්මන් මැතිසබයේ ඉන්න මන්ත්‍රීවරුන් 225 නියෝජනය වන ලෙස ව්‍යවස්ථාදායක සභාවක්
ඇති කර ගන්නත් පියවර ගත්තා . ඒ සභාවේ නායකයා වන්නේ කතානායක නොවෙයි සභාපතිවරයායි .සෙංකෝලය ද එයට ඇතුළත් වන්නේ නැහැ. ව්‍යවස්ථාව සකස් කිරීමේ දී කටයුතු කිරීමට අපට විතරක් සුදුසු නැති නිසා ඒ ඒ කරුණු සාකච්ඡා කිරීමට විද්වත් කමිටු මෙහෙයුම් කමිටු ලෙසින් පත් කර ගන්න ද තීරණය වුණා. මේ එක මෙහෙයුම් කමිටුවක් වන මුදල් කමිටුවේ සභාපති වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතායි . මේ හැම කමිටුවක්ම ව්‍යවස්ථාවක් හදන්න ක්‍රියාත්මක විය යුතුයි .මේ වන විට 83 වතාවක් අපි රැස්වී ඇතත් මේ දක්වා අඩු තරමින් ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ සකස් කර ගන්න බැරී වී තිබෙනවා. අපේ රටේ සෑම කෙනෙකුම සිය පිය උරුමයෙන් ලද සංස්කෘතිකයක් උරුම වී ඇත. එය සිංහල දෙමළ මුස්ලිම් කියා නැත. සැමට උරුමයි. එය සංස්කෘතික උරුමයන් අප රැක ගත යුතුයි. අසාර්ථක ඇතැම් දේශපාලකයන් සිය ආදිපත්‍යය රැක ගන්න මේ ජාතිවාදය යොදා ගනී. බොරු කියමින් උනුන් කොටවති. එය අපේ රටේ විතරක් නොවේ කොයි රටේත් සිදු වන්නක්. අපි නිවැරදිව තේරුම් ගත යුතුයි
නිදහසින් පසු ගතවු වසර 70 කාලය තුළ අපේ රට ඉදිරියට ගොස් ඇද්ද. කිව හැක්කේ රට නම් ආපස්සට ගියා පමණි. මෙයට හේතුව කුමක් ද . එසේ නම් අප ඉදිරියේ දි සිදු කළ යුත්තේ කුමක් ද .මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට රනිල් මහින්දට පුළුවන් ද . සජිත්ට ගෝඨාභයට පුළුවන්ද .එයාලා ගැන කතා කර පළක් නෑ .අපි දැන් මෙතෙක් කතාකළ එයාලා ගැන කතා නොකර අපි ගැන කතා කරමු.
මේ රට ගොඩ ගන්න අවශ්‍ය වැඩපිළිවෙළක් සකසන්න තමයි මේ ජාතික විද්වත් මණ්ඩලයක් හැදුවේ.මෙවන් මණ්ඩලයක් කලින් කිසිදු පක්ෂයක් හදා නෑ. මේ මණ්ඩලයෙන් හැකියි රට නගන වැඩ පිළිවෙළ සකස් කර ඉදිරිපත් කරන්න.
ප්‍රථමයෙන්ම අප මේ වන විට වැටි ඇති ආර්ථිකය හැදිය යුතුයි . අධ්‍යාපනය , සෞඛ්‍ය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි .කොන්ක්‍රිට් වනාන්තර වෙනුවට රටට අවශ්‍ය ජනතාවට වාසියක් අත්වන වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක විය යුතුයැයිද පැවසීය.
ජාතික විද්වත් මණ්ඩලයේ සාමාජිකයන් රැසක්ම මෙහිදි කරුණු දැක්වුහ .
මුන්නේශ්වරම සමුහ- ඊ.සී.ප්‍රනාන්දු
0 Comments