අද රටට අවශ්‍ය නායකයන් ශක්තිමත් කරවීම නොව, ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරවීමයි.
රටේ දවසින් දවස කඩා වැටෙන වත්මන් ආණ්ඩුවේ බදු බර ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ජනතාවට සහන ලැබෙන රට ඉදිරියට ගමන් කරවීමට නම් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම නියෝජිත මහ සමුළුවේදීය.
එහිදී රාජපක්ෂ මහතා මෙසේද කීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට අප විපක්ෂයට ගියේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයත් සමඟ සහයෝගයෙන් ආණ්ඩුවක් කරගෙන යාමට තීන්දු කළ නිසා එතුමාට දැනුම්දීලා විපක්ෂයේ සිටීමට කටයුතු කළා.
අපි දැනගෙන සිටියා මේ දෙක එකතුවෙලා එතරම් දිග ගමනක් යාමට නොහැකි බව. එදා මගේ පියා බණ්ඩාරනායක මහත්තයා සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැස්සේ එම පක්ෂයේ ප්‍රතිපත්ති අපට ගැළපෙන්නේ නැති නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා ඒකයි.
අද ගැළපෙන්න විදිහක් නැහැ. විවිධ මත වාද ඇතත් වසර තුනකට වැඩි කාලයකට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප සමඟ එකතුවීම ගැන සතුටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ අාණ්ඩුවට තිබු තුනෙන් දෙකේ බලය අද වත්මන් එජාප ආණ්ඩුවට නැතිව ගොස් තිබෙනවා.
මේ එජාප ආණ්ඩුව බලයට පැමිණි දා සිට මොනවාද කළේ දවසින් දවස ජනතාවට බදු බර වැඩි කළ එක පමණයි. මෑත යුගයේ බොර තෙල් මිල අමෙරිකන් ඩොලර් විසි අටට බැස්සා. එහි වාසිය ජනතාවට ලබා දුන්නේ නැහැ. අපේ ආණ්ඩුව පැවති කාලයට වඩා අද තෙල් බැරලයක
මිල අඩුයි. පසුගිය දිනවල අපි තෙල් මිල අවස්ථා තුනකදී අඩු කර ජනතාවට සහන රැසක් ලබා දුන්නා.
මේ තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවකින් ලබාදෙන දේ. මීට වැඩි දෙයක් ජනතාවට ලබා දෙන්නේ නැහැ.මේකයි ඇත්ත, දැන් ජනතාව දන්නවා වැටී සිටින වළෙන් ගොඩ ඒමට නම් අනිවාර්යයෙන්ම මහ මැතිවරණයට යා යුතුයි කියලා. අද මේ ආණ්ඩුව ණය ගන්නවා ගන්නවා.
කරන දෙයක් පෙනෙන්න නැහැ. අපි ත්‍රස්තවාදය අවසන් කර රටට සාමය ඇති කළා. අද රටේ ඕනෑම ප්‍රදේශයකට ඕනෑම පුද්ගලයෙකුට යාමට පරිසරය උදා කර දුන්නා. අපට ආරාධනාවක් ලැබුණා ආණ්ඩුව භාර ගන්න කියලා. ඒ අනුව භාර ගත්තා. අගමැතිවරයා වශයෙන් පත් වු විට එජාපයේ කීපදෙනෙක් කතා කර කිව්වා සහාය දීමට පැමිණෙනවා කියලා. නැතුව මම කිසි වෙකුට කථා කළේ නැහැ. එකසිය දහතුන නැති නිසා ප්‍රජාත්‍රන්තවාදීව අප ඉවත් වුණා. පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහට අගමැතිධුර නැති වුවිට ඒ වෙනුවෙන් පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකයි. දෙමළ සන්ධානයේ සම්බන්දන්, සුමන්දිරම්ලා.
අපි රට පාලනය කළ කාලය තුළ ජනතාවගේ ඉල්ලීම්වලට පළමු තැන් දුන් නිසා ගොවී ජනතාවට සහන රැසක් ලබා දුන්නා. එම කාලය තුළ . රට බෙදලා ආගම් අතර වෛරය වපුරවලා රටක් ඉදිරියට යන්න බැහැ.රටේ මහ ජාතියට සුළු ජාතියට තරහෙන් ඉන්න බැහැ. විවිධ බලවේගවල වුවමනාම මත මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. රටක් වශයෙන් ඉදිරියට යාමට රටේ සෑම ජන කොටසකගේ සහාය අවශ්‍ය වෙනවා. රටේ විවිධ කොටස්වලට බෙදීමට පුළුල් බලවේග ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා-
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩිම රටේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වී තිබෙනවා. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමට නම් ආණ්ඩුව වෙනස් විය යුතුයි. ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාවට බලය දිය යුතුයි, ජනතාවට බලය දීමට නම් ජනතාවට මහ මැතිවරණයක් දීමෙන් පමණයි මෙය විසඳිය හැකි වන්නේ.
ඡන්ද ප්‍රමාණය ජන්ද අසු එක් දහස ලබා දුන්නේ හෝමාගම ආසනයෙන්. එහිදි මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රි කොට්ඨාය විසි අටම ජය ගැනීමට හැකි වු නිසා ප්‍රාදේශීය සභා නියෝජිතයන් විසි අටක් පත් වි සිටිනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපත් එක්වීම නිසා ඉදිරි පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දි අප එන්නේ ජන්ද ලක්ෂයක් ඇතිව බව පැහැදිලිව කියන්න පුළුවන්.
2008 මහින්ද රාජපක්ෂ රට භාර ගත්තේ රටේ ප්‍රශ්න රැසක් උග්‍රව පැවති අවස්ථාවකයි. ත්‍රස්තවාදයේ දරුණුතම අවස්ථාව සහ ලෝක ආර්ථිකය දිනෙන් දින කඩා වැටීම නිසා තෙල් බැරලය ඉහළටම ගිය අවස්ථාවකයි. ඇතැම් නායක නායිකාවන් සිතුවේ කර ගන්න බැරිව මහින්ද රාජපක්ෂ අනාගනී කියලා. එහෙම වුණාද නැහැ?. වසර තිහක පැවති ත්‍රස්තවාදය අවසන් කර ජනතාවට නිදහස ලබා දුන්නා.
අද රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වී ඇතත් එය රට රකින ව්‍යවස්ථාවක් වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකතු වීමෙන් පමණක් බව පැහැදිලිව කියා සිටිනවා.
පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා-
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි කෑස්බෑව මැතිවරණ බල ප්‍රදේශයට අයත්
කැස්බෑව ප්‍රාදේශීය සභාව සහ බොරලැස්ගමුව නගර සභාව මන්ත්‍රි කොට්ඨාස සියල්ල පොදුජන පෙරමුණ ජය ගත්තා. අද රටේ ක්‍රියාත්මක වන්නේ දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මෙහි පවතින ඇතැම් වගන්තිවල පවතින පැටලීම් නිසා අද රටේ අර්බුද රැසක් මතු වී තිබෙනවා. අපගේ ආණ්ඩුවක් බලයට පැමිණි විගස රටට අනවශ්‍ය වගන්ති ඉවත් කර රටට හිත කරන වගන්ති ඇතුළත් කිරීමට පියවර ගන්නවා.
දැන් තමයි රටට නියම ඇත්ත විපක්ෂ නායකතුමා පත් වී සිටින්නේ. හිටපු විපක්ෂ සම්බන්දන් සිදු කළේ විපක්ෂ නායක කාර්ය නොව රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීම පමණයි. විපක්ෂයේ හිටපු සංවිධායක අනුර කුමාර දිසානායකත් සිදු කළේ රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කිරීම පමණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා -
අද රටේ ජනතාව අසන්නේ මැතිවරණයක් කවද්ද එන්නේ කියලා. 2019 වසර මැතිවරණ වසරක් ලෙස කියා සිටියත් මැතිවරණයක සේයාවක්වත් පෙනෙන්න තවම නැහැ. කවදා මැතිවරණයක් ලබා දුන්නත් ඒ මැතිවරණයෙන් එජාපය පරාජය වන බව එහි නායකයන් පැහැදිලිව දන්නවා. සැමදාම මේ රටේ මැතිවරණ ඉල්ලා සිටියේ දිනන්නට හැකි කණ්ඩායමයි.
පරාජය වන කණ්ඩායම සෑමදාම කර ඇත්තේ මැතිවරණ කල් දමා දවසක් හෝ බලයේ සිටීමටයි. අද පොදුජන පෙරමුණ සමඟ පක්ෂ හතළිස් නවයක් එක්වි රටේ පුළුල් බලවේගයක් බවට පත් වි සිටිනවා.
රටේ තරුණයාට ඕනෑ රැකියාවක්,පසුව විවාහයක් කරගෙන ඉන්න නිවසක් තනා ගෙන යන්න සාමාන්‍ය වාහනයක්.මෙය ඉලක්ක කර පසුගිය මහමැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහත්තයලා තරුණයන්ට පොරොන්දු රැසක් දී තරුණ තරුණියන්ගේ ජන්දය ලබා ගත්තා.ඒ පොරොන්දු කිසිවක් ඉටු නොවු බව අපට වඩා හොඳින් තරුණ තරුණියන් දන්නවා.
පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා -
පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් එළියට පැමිණි කොටසක් සිටියා. ඒ රනිල් නැමති ඉරු දෙවියාව ආරක්ෂාවට සඳු දෙවියා පැමිණියා. කවුද සඳු දෙවියා අනුර කුමාර දිසානායක, තව දෙවියෙක් සිටියා ඒ තරු දෙවියා .සුමන්දිරම්. මේ දෙන්නා තරම් රනිල් ආරක්ෂා කරන්න එජාප නායකයන්වත් ඉදිරියට ආවේ නැහැ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා, බස්නාහිර පළත් කෘෂිකර්ම ඇමැති, හෝමාගම ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ගාමිණි තිලකසිරි, පළාත් සභා මන්ත්‍රි නීතිඥ ජනක වැලිවත්ත, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ සහ උප සභාපති බන්දුල ඉලේපෙරුම මහත්වරුන් අදහස් දැක්වුහ. පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර, කාන්ති කොඩිකාර, ධනසිරි අමරතුංග මහත්ම මහත්මීන් සමඟ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.
මංජුල හිරිපිටිය හෝමාගම සංචාරක
ජිනදාස ගමගේ හෝමාගම විශේෂ
0 Comments