Minister_Patali_Library

මත්තල ගැන කතා කරනවා නම් මත්තල මාසික ආදායම ලක්‍ෂ 12ක් බවත් වියදම ලක්‍ෂ 2500 ක් බවත් මත්තල නිසා අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800 ක් ගෙවා තිබෙන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, මහානගර අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මගින් බප/මතු/ සාලාලංකාරතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘මත්තල ගැන කතා කරනවා නම් මත්තල මාසික ආදායම ලක්‍ෂ 12යි. වියදම ලක්‍ෂ 2500 යි. මත්තල නිසා අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800 ක් ගෙවා තිබෙනවා. නිසි අධ්‍යනයකින් තොරව කටුනායක හදන්න තිබූ දෙවන ගුවන්තොටුපල මත්තලට ගෙනිහින් තමන්ගේ මූණත් තහඩුව ගසා ගැනීම තමයි සිදු කළේ. මේක සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් යනවා. අයිතිය රජය සතුව තිබියදී එහි පාලනය භාරදීමට හැකි දැයි සොයාබලමින් සිටිනවා. ඉන්දියානු ගුවන්තොටුපල අධිකාරියත් සමග අපගේ ගුවන්තොටුපල අධිකාරිය ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් යනවා. තවම අවසන් නිගමනයකට පැමිණිලා නැහැ. අවසන් නිගමනයකට ආවහම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර රටේ ජනතාව අතර විවෘතව සාකච්ඡා කරයි. රටේ ජනතාව තීරණය කළ යුතුයි පුද්ගලයෙකුගේ නම ගෙනයන්න කිසිම ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනයක් නැති තැනක ප‍්‍රකෝටි ගණන් ධනය නාස්ති කරනවා ද නැද්ද කියන එක ගැන. මෙය ආර්ථීක වශයෙන් කරන්න පුළුවන් කියල කිසිම දේශපාලනමය හෝ ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැති අය මොන කටකතා කිව්වත් ඊ ළඟ දශක දෙකට එය ආර්ථික වශයෙන් ගොඩනගා ගැනීමට අපේ රටේ ගුවන් සේවා අධිකාරියට හැකියාවක් නැහැ. දැනට කටුනායක ගුවන්තොටුපලේ ආදායමත් යන්නේ මත්තල නඩත්තු කරන්න යැයි පැවසීය.

The post මත්තල මාසික ආදායම ලක්‍ෂ 12 යි, වියදම ලක්‍ෂ 2,500 යි – ඇමති චම්පික. appeared first on Lanka News Column.