Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිගේ වැඩ තහනම් වෙයි.

police 22

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව සඳහන් වේ.

ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පති විසින් කළ නියෝගයකට අනුව මෙම වැඩ තහනම් කිරිම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර තිබේ.

ඉංගිරිය පොරුවදණ්ඩ, කොස්හේන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පසුගිය දිනක රාත්‍රියේ බස් නැවතුම් පොළක් අසල සිටියදි  ඉංගිරිය පොලීසියේ නිලධාරින් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව එම තරුණයන් දෙදෙනා පොලීසියට රැගෙනවිත් බීමතින් පහර දී ඇති බවට ගම්වාසීන් චෝදනා කරන අතර පහර කෑ තරුණයන් රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.

The post ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිගේ වැඩ තහනම් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();