සියවැනි වසරට ආසන්නවූ වෙළෙඳ සේවා පාපන්දු සංගමය දෙවැනි වරට සංවිධාන කළ සත් සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව එක්ස්පෝ ලංකා පිලට හිමිවෙයි. කොළඹ ෆුට්සාල් වර්ල්ඩ් පාපන්දු සංකීර්ණයේ පැවැති මේ තරගාවලියේ අවසන් තරගයේදී ගෝල් 5-0ක ජයක් එක්ස්පෝ ලංකා පිලට හිමිවූ අතර ප්ලේට් ශූරතාවලියේදි ශ්‍රී ලංකන් පිල ගෝල් 2-1කින් පරදා එච්. එන්. බී. පිල ජය වාර්තා කළේය.
බෝල් ශූරතාවලියේදී සෙලින්කෝ පිල ගෝල් 1-0කින් පරාජයට පත් කළ කොමර්ෂල් ලීසින් පිල ශූරතාව හිමිකරගත් අතර, සියලු අංශවල දක්ෂතම ක්‍රීඩකයන්ට විශේෂ සම්මාන ප්‍රදානය කෙරුණි. මේ තරගාවලියට කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදුණි.
දක්ෂතම ක්‍රීඩකයන්
කප් ශූරතාව - හොඳම ක්‍රීඩකයා: ඩිලාන් ද සිල්වා (ඒස්පෝ ලංකා), හොඳම ගෝල් කීපර්: මොහොමඩ් ඉම්රාන් (ඒස්පෝ ලංකා), ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා: මොහොමඩ් රවුමි (ඒස්පෝ ලංකා)
ප්ලේට් ශූරතාව - හොඳම ක්‍රීඩකයා: එන්. සී. අඹේසේකර (එච්. එන්. බී), හොඳම ගෝල් කීපර්: එල්. සෙනවිරත්න (එච්.එන්.බී), ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා: ඇන්ටන් වෙම්බැක් (එච්.එන්.බී)
බෝල් ශූරතාව - හොඳම ක්‍රීඩකයා: කසුන් වීරක්කොඩි (කොමර්ෂල් ලීසිං), හොඳම ගෝල් කීපර්: එම්. පී. ප්‍රසාද් (කොමර්ෂල් ලීසිං), ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා: බී. එච්. නිශාන්ත (සෙලින්කෝ)
0 Comments