Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ වොස්නියැකිට

ජාත්‍යන්තර ටෙනිස් පිටියේ සුරූපි ක්‍රීඩිකාවක ලෙස ප්‍රකට ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වූවාය. පෙරේදා මෙල්බර්න් නුවර පැවැති කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ඇය ලකුණු 7-6ක්, 3-6ක් සහ 6-4ක් ලෙස රුමේනියාවේ සිමෝනා හැලෙප් පරාජයට පත් කරමින් කුසලානයට හිමිකම් කීවාය.

මේ ශූරතාව කැරොලින් ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළක් දිනූ පළමු අවස්ථාව මෙන්ම ඩෙන්මාර්කයේ ක්‍රීඩිකාවක් එවැනි දස්කමක් පෙන්නුම් කළ පළමු අවස්ථාව ලෙසත් වාර්තාපොතට එක්විය.

27 හැවිරිදි කැරොලින් මේ ජයග්‍රහණයත් සමග ජාත්‍යන්තර කාන්තා ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩිකාව බවට ද පත්වූවාය. මීට පෙර ඇය අවසන් වරට ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය අත්කරගනු ලැබුවේ වසර 6කට පෙරය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();