වසර 15කට පසුව අඟහරු, පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කර සිටී. එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද (30) සහ හෙට (31) දිනයේදී දැක ගත හැකි බව සඳහන් වේ.
අඟහරු රතු – තැඹිළි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ.
අඟහරු ඇතුළු ග්‍රහලෝක නැරඹිමේ සුවිශේෂි අවස්ථාව මහජනතාවට හිමි කරදෙමින් රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරක් හෙට (31) කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් මෙම අහස නිරීක්ෂණ කඳවුර රාත්‍රි 7.00 සිට රාත්‍රි 10.00 දක්වා පැවැත්වෙන බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post වසර 15කට පසු අඟහරු, පෘථිවියේ ආසන්නයට. appeared first on Lanka News Column.
0 Comments